ක‍්‍රිස් ගේල් වාර්තා පිට වාර්තා තිබ්බත් කොදෙව්වන් පසුපස පරාජය යළි ලූහුබඳී

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1/0ක් ලෙස මේ වන විට පෙරමුණේ සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

පසුගිය ලෝක කුසලානයේදී අවාසනාවන්තම කණ්ඩායම් දෙක ලෙස ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සැලකුණා. ඉන්දියාව අපරාජිතව අවසන් පූර්ව තරගය දක්වා ඉදිරියට ආවත් එහිදී පරාජයට පත් වුණා. ඒත් කොදෙව්වන් නම් තරගාවලිය ආරම්භයේ සිට අසාර්ථක වෙලා මූලික වටයෙන්ම ඉවතට විසි වුණා.

දැන් මේ මහා අවාසනාවන්තයින් දෙදෙනා ම කොදෙව් හිදී යළි වාසනාව උරගා බලමින් සිටිනවා. ඒ ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව්වල සංචාරයක නිරත වීම සමගයි.

දැන් කොදෙව්වන්ට සිදුවන්නේ කුමක්ද ? ඔවුන්ට උපන් බිමේදීවත් වාසනාව උරගා බලන්න හැකි වේවිද ? ඒ ගැන බොහෝ දෙනෙක් බලා ගෙන සිටියා. ඒත් අවාසනාව තවමත් කොදෙව්වන් පසුපස පන්නන බව සහතික කරමින් ඔවුන් පසුගිය දා ඉන්දියාව සමග පැවැති තරගයෙන් ද පරාජයට පත් වුණා.

බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දිය කණ්ඩායම සමත් වුණා.

ඒත් ‘කළුවළා අතර රිදී රේඛාවක් ’ සේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 300 තරගයට ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් මෙම තරගයේදී වාර්තාවක් පිහිටුවීම විශේෂත්වයක්.

ඇමෙරිකාවේ පෝට් ඔෆ් ස්පේන්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු07ක් දැවි ලකුණු 279ක් රැස් කළා.

විරාත් කෝලි ලකුණු 120ක් ලබා ගත් අතර පන්දු යැවිමේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ කාර්ලස් බ්‍රැත්වෙයිට් කඩුළු 03ක් බිඳ හෙළුවා.

ඒත් අනපේක්ෂිත ලෙස තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කොදෙව් කන්ඩායමට පන්දුවාර 46කදී තරගය ජයගැනීම සදහා ලකුණු 270ක ඉලක්කයක් හිමි වුණා.

කොදෙව් ක්‍රිඩකයන්ට පන්දුවාර 42ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 210ක් පමණයි.

සිය 300 වැනි එක්දින තරගයට ක‍්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් මෙම තරගයේදී වාර්තාවක් පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්.

ගේල් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා බවට පත් වුණා.

මෙම තරගයේදී ලකුණු 11ක් රැස් කළ ක්‍රිස් ගේල් මේ වන විට එක්දින පිටියේදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 10, 353ක්.

මීට පෙර කොදෙව්වන් වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් අදාළ වාර්තාවට හිමිකම් කිව්වේ සුපිරි පිතිකරු බ්‍රයන් ලාරායි.

කොදෙව්වන්ට එරෙහිව පන්දු යැවිමේදී බුවනේෂ්වර් කුමාර් කඩුළු 04ක් බිඳ හෙළුවා.

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1/0ක් ලෙස මේ වන විට පෙරමුණේ සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

Recommended For You

About the Author: Editor