දිල්ලි – ලාහෝර් අධිවේගී දුම්රිය ‘සම්ජුටා’ නවතී: ශ‍්‍රී නගර් හි යළි ඇඳිරි නීතිය

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පාකිස්ථානයේ ලාහෝර් දක්වා ධාවනය වන ‘සම්ජුටා’ අධිවේගී දුම්රිය සේවය නතර කිරීමට පාකිස්ථානය ගත් තීන්දුවට සමගාමීව ඉන්දීය දුම්රිය බලධාරින් ද අදාළ දුම්රිය සේවය නතර කිරීමට තීරණය කර තිබෙනවා.

පාකිස්ථානය විසින් අදාළ නිවේදනය නිකුත් කිරීමත් සමඟ මඟීන් 117 දෙනෙකු රැගෙන පාකිස්ථානයේ සිට ඉන්දියාව බලා ධාවනය වෙමින් තිබූ සම්ජුටා අධිවේගී දුම්රිය දේශසීමාවේ දී නතර කළ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර ජම්මුකාෂ්මීරයේ ශ්‍රී‍්‍ර නගර් ප‍්‍රදේශයට යළි ඇඳිරි නීතිය පැනවීමට ඉන්දිය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කාෂ්මීරයේ ගැටුම්කාරී තත්වයක් නොමැති බවට ආරක්ෂක අංශ සහ රජය තහවුරු කිරීමෙන් පැය 24ක් ගතවීමටත් පෙර ඇඳීරි නීතිය පනවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී‍්‍ර නගර් නුවරට එක්රැස්වූ දහස් සංඛ්‍යාත පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කිරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

Recommended For You

About the Author: Editor