ප්‍රවීණ චිත්‍රපට හා කැමරා අධ්‍යක්ෂ දයා විමලවීර අභාවප‍්‍රාත්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට හා කැමරා අධ්‍යක්ෂ දයා විමලවිර මහතා ඊයේ (12) අභාවප්‍රාප්ත විය. ඒ මහතා මිය යන විට 81වැනි වියෙහි පසු විය.

තම පියා වූ සිරිසේන විමලවීරයන්ගේ ‘එකමත් එක රටක’ චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා ලෙස සිනමා ගමන ආරම්භ කළ දයා විමලවීර මහතා, ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස ‘රොඩී කෙල්ල’ ‘පටාචාරා’ ‘ආදරයයි කරුණාවයි’ ‘කළණ මිතුරෝ’ ‘සිකුරුලියා’ වැනි චිත්‍රපටවලට දායක විය.

දයා විමලවීර මහතා 1972 වසරේ දී ‘වීදුරු ගෙවල්’ තුළින් චිත‍්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි අතර ඉන් අනතුරුව චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළේය.
‘ජීවන කඳුළු 1979’ ‘මිහිදුම් සිහින :1982’ ‘මේ ජර් සර් 1982’ ‘දෙව්දුව 1986’ ‘මධු සිහින 1990’ ‘රජ දරුවෝ 1992’ ‘චායා 1993’ සහ සුජාතා 1994* ජනප්‍රිය විය.

මෙරට සිනමාකරුවකු සතු වූ එකම චිත්‍රාගාරය ලෙසින් හැඳින්වෙන ‘නවජීවන චිත්‍රාගාරයේ’ හිමිකරු වූයේද දයා විමලවීරයන්ගේ පියාණන් වූ සිරිසේන විමලවීරයන්ය.

දයා විමලවීරයන්ගේ දේහය සිය නිවස වන 154්ල ඇන්ඩර්සන් පාරල නැදිමාල දෙහිවල යන ලිපිනයෙහි තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු අගෝස්තු මස 14වන බදාදා සවස 4ට නැදිමාල පොදු සූසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Recommended For You

About the Author: Editor