මිල සූත‍්‍රය අද: ලෝක වෙළෙඳ පොළේ නම් ඉන්ධන මිල පහළට

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍ර කමිටුව අද (13) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතය.

ඉන්ධන මිල සංශෝධනය සිදුකළ යුත්තේ සෑම මසකම 10 වනදා වුවද මේ මස 10 වන දා සෙනසුරාදා දිනයක් වීමත්, ඉතිරි දින දෙක සති අන්තයේ නිවාඩු දින වීමත් හේතුවෙන් එම කටයුත්ත අද දිනය දක්වා කල් දැමූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මාසික ඉන්ධන මිල සුත්‍රයට අනුව පසුගිය ජූලි මාසයේදී ඉන්ධන මිල අඩු වීමක් සිදු වූ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 02 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 05 කින්ද අඩු කිරීමට රජය පියවර ගත් අතර ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොතිබුණි. මේ ව විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ වැටී ඇති බැවින් ඉන්ධන මිලේ පහළ යාමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Recommended For You

About the Author: Editor