නවතම පිහිනුම් සහ සුඛෝපභෝගී හෝටල් විලාසිතා සමගින් OLU Swim Week Colombo

නවතම පිහිනුම් සහ සුඛෝපභෝගී හෝටල් විලාසිතා සමගින් OLU Swim Week Colombo හි 5 වන අදියර පසුගිය දා අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. එහිදී ශ‍්‍රී ලාංකේය නිර්මාණ ශිල්පීන් 9 දෙනෙකු සහ විදේශීය නිර්මාණ ශිල්පීන් 6 දෙනෙකු විසින් සිය නිර්මාණයන් ඉදිරිපත් කළ අතර නැගී එන නිර්මාණ ශිලපීන් 8 දෙනෙකු විසින් නවතම සංකල්පයන්ට අනුව සජීවී විලාසිතා දැක්මක් ඉදිරිපත් කිරීමටද කටයුතු යොදා තිබුණා.

මෙවර ප‍්‍රදර්ශනය කලාව, විලාසිතා, ආහාර හා සංගීතය යන නිර්මාණාත්මක අංශයන් 4ක් පදනම් කර ගනිමින් පැවැත් වුණ අතර ශ‍්‍රී ලංකා සංචාරක සහ ප‍්‍රවර්ධන කාර්යාංශයේ  So Sri Lanka විසින් සතියක් පුරා පවත්වනු ලබන කොළඹ සැමරුමෙහි කොටසක් ලෙස එය සංවිධානය කර තිබුණා. අගෝස්තු 03 වනදා සිට 10 වනදා දක්වා ‘කොළඹ සැමරීම’ පැවැත්වෙන අතර ඒ සමග අගෝස්තු 8 සිට 10 වැනිදා දක්වාිකොළඹ පිහිනුම් සතිය’ ප‍්‍රදර්ශනය පැවැත් වුණා.

OLU Swim Week Colombo යනු පිහිනුම් ඇදුම් සහ සුඛෝපභෝගී හෝටල් සදහා වන ආසියාවේ ප‍්‍රථම විලාසිතා සතිය වූ අතර එය සංචාරක ගමනාන්තයක් ලෙස කොළඹ නගරයෙහි විශේෂත්වය පිළිබිඹු කළා. මීට පෙර පැවති Swim Week Colombo තුළින් පෙන්වා දී ඇති පරිදි Swim Week Colombo යනු ශ‍්‍රී ලාෙංක්ය නිර්මාණ ශිල්පීන්ට මෙන්ම කලාපීය නිර්මාණ ශිල්පීන්ටද කදිම වේදිකාවක් වුණා

Recommended For You

About the Author: Editor