ආජන්ටිනා කොටස් වෙළෙදපොල ක්ෂණිකව කඩා වැටෙයි

ආජන්ටිනා ප්‍රාථමික මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමග එරට කොටස් වෙළෙදපොල 30%කින් ක්ෂණිකව පහත බැස තිබෙනවා. ආජන්ටිනා මුදල් ඒකකය ද ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ප්‍රකාශයට පත්කළ ආජන්ටිනා ප්‍රාථමික මැතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය දැඩි පරාජයට පත්වුණා. ආජන්ටිනා ජනාධිපති මව්රිසියෝ මැක්රිගේ කොන්සවේටිව් පක්ෂය දිනාගෙන ඇත්තේ 32.1%ක ඡන්ද ප්‍රතිශතයක්. ප්‍රතිවාදී වාමාංශික පක්ෂය 47.7%ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගත්තා.

Recommended For You

About the Author: Editor