ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය තීරණයක් ගෙන නැහැ – දයාසිරි ජයසේකර

පොදුජන පෙරමුණේ ජනා‍ධිපති අපේක්ෂකයාට සහය දැක්වීම‍ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කිසිඳු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මෙම කරුණ සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් සිදු නොකළ බවත් විවිධ පුද්ගලයින් සිදුකරන ප්‍රකාශ පක්ෂයේ නිල මතය නොවන බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වෙත සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිරණය කරන්නේ නම් ඒ පිළිබඳව මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර සියලු දෙනාගේ එකඟත්වයෙන් යුතුව තිරණයක් ගන්නා බවත් මෙතෙක් එවැනි කිසිඳු තීරණයකට එළඹ නොමැති බවට මහ ලේකම්වරයා ලෙස තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් දයාසිරි ජයසේකර මහතා දිනමිණට ප්‍රකාශ කෙළේය.

එක් එක් පුද්ගලයින් සිදුකරන ප්‍රකාශ පක්ෂයේ නිල මතය නොවන බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Recommended For You

About the Author: Editor