පකිස්ථානය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි

කාෂ්මීරයේ හටගෙන ඇති තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව පෙන්වාදෙමින් පකිස්ථානය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා.

ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලිය යුතු බවයි පකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මහමුද් ලිපියක් යොමු කරමින් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේ. බලය යොදා ගනිමින් කි‍්‍රයාත්මකවීම පිළිගත නොහැකි තත්වයක්.

එසේ වුවහොත් පාකිස්ථානයට ද ප‍්‍රතිචාර දැක්වීමට සිදුවන බවයි එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේවෙතත් ආරක්ෂක මණ්ඩලයෙන් මෙතෙක් ඊට ප‍්‍රතිචාර හිමිවී නැහැ.

විශේෂ තත්වය ඉවත් කිරීමේ ඉන්දීය තීරණයත් සමඟ මතභේදාත්මක වාතාවරණයක් හටගත්තා. ඔවුන් අමතර බලකායක් ද එහි රඳවා තිබෙනවා.

Recommended For You

About the Author: Editor