නවසීලන්තය ලකුණු 249කට දැවී යයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම දෙවැනි දිනයේ මධ්‍යාහනය වන විට ලකුණු 249කට සියලු දෙනා දැවී ගියේය.

නවසීලන්තය වෙනුවෙන් ඉහළම ඉනිම ක්‍රීඩා කළ රොස් ටේලර් ලකුණු 86ක් රැස්කළ අතර හෙන්රි නිකලොස් ලකුණු 42ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ අකිල ධනංජය ලකුණු 80කට කඩුළු 05ක් සහ සුරංග ලක්මාල් ලකුණු 29කට කඩුළු 4ක් දවා ගත්තේය.

Recommended For You

About the Author: Editor