ශ‍්‍රීලනිපය ගෝඨාට සහාය දෙන බවට පැතිරෙන කතා බොරු – මහින්ද අමරවීර

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බවට යම් යම් පිරිස් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා කියයි.

අද (16) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවයි.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා පැවැත්වෙන බවත් සිදුකරන සාකච්ඡා මත ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවාද නැද්ද යන්න තීරණය කරන බව ද අමරවීර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor