ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට ග‍්‍රීන්ලන්තය විකුණන්න ඩෙන්මාර්කයට කිසිම අදහසක් නැහැලු

‘ඇමරිකානු ජනපතිවරයාගේ අදහස මෝඩ විහිළුවක්’ මෙහෙම කියන්නේ ඩෙන්මාර්ක් අගමැති ලාස් ලොක්කේ.

සාමාන්‍යයෙන් ඇමෙරිකානු ජනපතිවරයෙක් මුහුණ නොදුන් ආකාරයෙන් නින්දා අපහාසවලට වත්මන් ජනපති ට‍්‍රම්ප් නිතර නිතර මුහුණ දෙනවා. ඇතැමුන් කියන්නේ ඒ ඔහුගේ උද්දච්චකම නිසා කියලා. තවත් සමහරුන්ට ඒ මෝඩකම.

ඒ කොහොම වුණත් ට‍්‍රම්ප් පසුගිය දා ලෝකයා හිනස්සන කතාවක් / යෝජනාවක් කළා. ඒ ග‍්‍රීන්ලන්තය මිලදී ගැනීමට තමන් කැමැති බවයි. ඉහත සදහන් කළ ඩෙන්මාර්ක් අගමැතිවරයාගේ ප‍්‍රකාශයට පදනම වුණේ ට‍්‍රම්ප් කළ මේ ප‍්‍රකාශය.

‘‘ග්‍රීන්ලන්තය කිසිදිනක විකුණා දැමීමට අදහසක් නැහැ’’ ග‍්‍රීන්ලන්ත බලධාරීන් කියනවා.

ලෝකයේ විශාලම දූපත වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට ඇමරිකාව කැමැත්තෙන් සිටින බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සඳහන් කිරීම හේතුවෙන් ග්‍රීන්ලන්ත බලධාරීනුට එලෙස පැවසීමට සිදුවී තිබෙනවා.

ඩෙන්මාර්කයට අයත් මෙම ස්වාධීන භූමි ප්‍රදේශය මිලදී ගැනීමේ අදහස සම්බන්ධව උපදේශකයන් සමඟ සාකච්ඡා කළ බව ජනපති ට්‍රම්ප් පසුගිය දා ප‍්‍රකාශ කළා.

වහාම මෙම අදහස ප්‍රතික්ෂේප කරමින් ග්‍රීන්ලන්ත රජය පවසා ඇත්තේ තම දේශය ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කර ඇති නමුත් විකුණන්නේ නැති බවයි.

ඒත් අපි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඇමෙර්කාව ග‍්‍රීන්ලන්තයටත් වඩා විශාල භූමියක් මිලදී ගෙන තිබෙනවා. ඒ ඇමෙරිකාවේ විශාලතම ප‍්‍රාන්ත රාජ්‍ය වන ‘ඇලස්කාව’ ඇමෙරිකාව ඇලෙස්කාව මිලදී ගත්තේ රුසියානු අධිරාජ්‍යයෙන්. ඒ මීට සියවසකට පමණ පෙර. එම කාලයේ ඇලස්කාවෙන් තෙල් ඇතුලු ස්වභාවික සම්පත් සොයා ගෙන තිබුණේ නැහැ. බොහෝ දුර පිහිටි මෙම භූමි ප‍්‍රදේ්ශය ඩොලර් මිලියන කිහිපයකට විකුණා දැමීමට එදා සාර්වරු පියවර ගත්තා.

Recommended For You

About the Author: Editor