SL Vs NZ: ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය කරට කර

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ සත්කාර ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.

අද දිනයේ සිය පළම ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 267ක් රැස් කළේය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 61ක් නිරෝෂණ් දික්වැල්ල විසින් වාර්තා කළ අතර කුසල් මෙන්ඩිස් 53, ඇන්ජිලෝ මැතිව් 50 බැගින් වාර්තා කළේය.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පන්්දු යැවීමක නිරත වූ Ajaz Patel ලකුණු 89කට කඩුළු 05ක් ද, William Somerville ලකුණු 83කට කඩුළු 03ක් ද, Trent Boult ලකුණු 45කට කඩුලු 02ක් ද බිද හෙළුවේය.

තෙවන දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුළු 7කට ලකුණු 195ක් රැස් කළේය. නවසීලන්තය වෙනුවෙන් B J Watling නොදැවී ලකුණු 63ක් රැස් කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පනදු යැවීමක නිරත වූ ලසිත් ඉඹුල්දෙණිය ලකුණු 71කට කඩුළු 4ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 16කට කඩුළු 02ක් ද, අකිල ධනංජය ලකුණු 05කට එක් කඩුල්ලක් ද වාර්තා කළේය.

මෙම තරගය සම්බන්ධයෙන් වන මත සමීක්ෂණ අනුව තරගයේ ජයග‍්‍රහණය නවසීලන්තය සහ ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කිරීමේ සම්භාවිතාව සියයට 48ක් බැගින් වාර්තා වන අතර තරගය ජය පැරදුමෙන් තොරව නිමා වනු ඇතැයි විශ්වාස කරන ප‍්‍රතිශතය සියයට 04කි.

තරගයේ සිවුවන දිනය හෙටයි.

Recommended For You

About the Author: Editor