ගායිකා මිලී සයිරස් හා නළු ලියාම් හෙම්ස්වර්ත් විවාහයට තිත

ජනප්‍රිය ගායිකා මිලී සයිරස් සහ රංගන ශිල්පී ලියාම් හෙම්ස්වර්ත් විවාහය වසරකටත් අඩු කාලයකින් දික්කසාදයකින් අවසන් වන බව විදෙස් වාර්තා පවසනවා.

මිලී සයිරස්ගේ ප්‍රකාශකයෙකු සීබීගඑස්ග මාධ්‍ය ජාලයට පවසා තිබුණේ මේ අවස්ථාවේදී දික්කසාදය සඳහා දෙදෙනාම සූදානම් බවයි.

මීට වසර 10කට පෙර මිලී සහ ලියාම් හමුවූ අතරල එතැන් සිට පෙම්වතුන් ලෙස කාලය ගත කළ ඔවුන් පසුගිය දෙසැම්බර් මාසයේදී හොර රහසේම විවාහ දිවියට එක්වුණා.

ඒ අනුවල සිය විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කරමින් මිලී සිය විවාහය සිදුවූ බව ප්‍රසිද්ධ කළා. ඔවුන් දෙදෙනා ඔවුනොවුන් ගැනත් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ගැනත් වැඩි අවධානයක් යොමුකිරීමට තීරණය කරමින් මෙම දික්කසාදය තීරණය කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

Recommended For You

About the Author: Editor