අද ජාතික ආරක්ෂාව බිද වැටීමෙන් වැඩියෙන්ම පීඩාවට පත්ව සිටින්නේ කාන්තාවෝ – පවිත‍්‍රා වන්නිආරච්චි

යුද්ධය අවසන් අවසන් වීමෙන් පසුව මේ රටේ විශාලතම සැනසිල්ල ලැබුවේ ගෙදර ඉන්න අම්මලා සහෝදර සහෝදරියෝ සහ බිරින්දෑවරු බවත් අද ජාතික ආරක්ෂාවට ඇතිවෙලා තිබෙන තර්ජනය නිසා විශාල වශයෙන් අපහසුතාවයකට පත්වෙලා තිබෙන්නේ මේ කණ්ඩායම බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

වන්නිආරචචි මහත්මිය මේ බව සදහන් කළේ අද (19) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ වන්නිආරච්චි මහත්මිය,

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පුන්චි දොළ පාරක් වගේ පටන් අරගෙන අද වෙනකොට ගංගාවක් සයුරක් වගේ තරම් ලොකු වෙලා දිවයින පුරා ජනතාව අතර ප‍්‍රචලිත වෙලා ඉවරයි.

මේ පක්ෂයේ මූලාරම්භය සඳහා මූලිකත්වය අර ගත්තේ පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා.

පුංචියට පටන් ගත්ත මේ පක්ෂය දැන් වෙනකොට ලංකාවේ දැවැන්තම සංවිධානාත්මක සහ වැඩිම වැඩිම ඡුන්ද ප‍්‍රමානයක් සහිත පක්ෂය බවට පත්වෙලා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වගේ ප‍්‍රධාන පක්ෂ තිබියදී අලූතින් පක්ෂයක් හදන එක ප‍්‍රායෝගිකව අමාරුයි කියලා දේශපාලන ලෝකයේ මතයක් තිබුණේ.

මීට පෙර විජය කුමාරතුංග වෙනත් පක්ෂයක් හදන්න උත්සාහ කළා. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයින් වූ ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක යන අය වෙනත් පක්ෂ හදන්න උත්සාහ ගත්තා.

එදා එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයෝ පක්ෂ හදන්න උත්සහ කරලා අසාර්ථක වුණා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හදන කොට බොහෝ අය කිව්වේ අලූත් පක්ෂ හදන්න ලංකාවේ අවස්ථාවක් නැහැ කියලයි. සමහර අය කිව්වා අලූත් පක්ෂ හදන අය පාරක් පාරක් ගානේ ගානේ ඇවිද්දනවා කියලා. එදා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අපට කිව්වෙ වෙනස් වෙන්න බියවෙන්න එපා කියලයි.

අද වෙනකොට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරා සංවිධානය වෙලා තියෙනවා වගේම ශ‍්‍රී ලංකා පොදුජන කාන්තා සංසදයත් දිවයින පුරා කාන්තා බලමණ්ඩල පිහිටවලා ඉතාමත් ශක්තිමත් සංවිධානයක් විදිහට ගොඩනැගිල තිබෙනවා. පොදුජන පෙරමුණේ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත් වීමත් අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඒකමතිකව ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමඟම අපි තවත් ශක්තිමත් වෙලා.

ශ‍්‍රී ලංකා පොදුජන කාන්තා සංසදයේ මංගල සම්මේලනය ලබන අගෝස්තු 31 වෙනිදා ඞී ආර් විජේවර්ධන මාවත ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පෙරවරු 10 ට පැවැත්වීම සඳහා සියලූ කටයුතු සංවිධානය කොට තිබෙනවා. ලංකාවේ කාන්තාවෝ විදිහට මේ සම්මේලනය ඉතාමත් ඓතිහාසික සම්මේලනයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. එදාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මුළු මහත් ලංකාව පුරා ග‍්‍රාම සේවා වසම් දහතුන්දහස් පන්සියයක් කාන්තා සංවිධාන එකතුවෙන් සම්මේලනය පැවැත්වීමට නියමිතයි.

උතුරු නැගෙනහිර කාන්තා සංවිධාන ශක්තිමත් කිරීම සිදුකරමින් පවතිනවා. ඉදිරි කාලය තුළදී උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ශ‍්‍රී ලංකා පොදුජන කාන්තා සංසදය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි පියවර ගන්නවා. එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා කාන්තා සම්මේලන ස`දහා එකතු වූ සියලූම සාමාජිකාවන් අද අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ. හැම පක්ෂයක්ම තමන්ගෙ කාන්තා බලමණ්ඩල පිහිටු වන්නේ ආසන මට්ටමින්. නමුත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වසම් මට්ටමින් කාන්තා සංවිධාන බලමුළු ගන්වා තිබෙනවා. ලංකාව පුරා ගම් සිසාරා කාන්තා සමිති හදලා සංවිධායකවරුන්ගේ කැපවීම සහ මැදිහත්වීම මත දැවැන්ත ජාලයක් නිර්මාණය කරන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා.

යුද්ධය අවසන් අවසන් වීමෙන් පසුව මේ රටේ විශාලතම සැනසිල්ල ලැබුවේ ගෙදර ඉන්න අම්මලා සහෝදර සහෝදරියෝ සහ බිරින්දෑවරු. අද ජාතික ආරක්ෂාවට ඇතිවෙලා තිබෙන තර්ජනය නිසා විශාල වශයෙන් අපහසුතාවයකට පත්වෙලා තිබෙන්නේ මේ කණ්ඩායමයි.

ඒ නිසා අපේ මාතෘභූමිය ගොඩනැංවීම සඳහා අපි සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතුයි.

මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා පොදුජන කාන්තා සම්මේලනය නියෝජනය කරමින් අශෝකා ලංකා තිලක, කෝකිලා හර්ෂනී, පි‍්‍රයංගා ජයසේකර ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

Recommended For You

About the Author: Editor