පාකිස්ථාන හමුදාව සීරුවෙන්

ඉන්දියාවෙන් එල්ල විය හැකි සියලුම ආකාරයේ අභියෝගයන් සදහා මුහුණ දීමට පාකිස්ථාන හමුදාව සීරුවෙන්බ තබා ඇති බව පාකිස්ථාන හමුදා ප‍්‍රකාශක මේජර් ජනරල් අසීෆ් ගාෆූර් මහතා ප‍්‍රකාශ කරනවා.

කාශ්මීර අර්බුද හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්ථාන අතර මතභේදාත්මක වාතාවරණය තවත් වර්ධනය වී තිබියදීයි පාකිස්ථාන හමුදාව මේ පියවර ගෙන ඇත්තේ. ඒ අනූව හමුදාව ඕනෑම මෙහෙයුමකට සුදානම් බවයි හමුදා ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් තම විදේශ අමාත්‍යවරයා සමඟ ද විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බවත් ඉදිරියේ දී ගතයුතු ක‍්‍රියාමර්ග පිළිබඳව එහිදි අවධානය යොමු කළ බවත් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියනවා.

ඉන්දියාව විසින් කාෂ්මීරයේ ගෙන යන මර්ධනකාරී කටයුතු සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයට ද කරුණු දැනුම් දුන් බවයි පාකිස්ථානය හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ. න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර පවතින ගැටලුකාරි වාතාවරණය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගන්නා ලෙසට ආරක්ෂක මණ්ඩලය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.

Recommended For You

About the Author: Editor