

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලුතිනන් ජෙනරාල් නිලයට උසස්කර යුද හමුදාපති ලෙස පත්කළ බව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළේය.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රට යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයායි.
1984 වර්ෂයේදී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස යුධ හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා LTTE ය සමග පැවති යුද්ධයේදී 58 වන බල සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළ කීර්තිමත් සේනපතියෙකි.
ඔහු ඉකුත් ජනවාරි මාසයේ සිට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ කටයුතු කළේය.