
පසුගිය වසරේදී වගා හානි වූවන් සදහා වන්දි මුදල් සියල්ල මේ වසරේදී ලබා දී අවසන් කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 298 දෙනෙකුට වගා හානි වන්දි මුදල් ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අනුරාධපුර දිස්ත්‍රිකක්යේ කැකිරාව, මඩාටුගම, මරදන්කඩවල, ඉපලෝගම, නෑගම්පහ සහ ආඩියාගල යන ගොවිජන සේවා බලප්‍රදේශවල ගොවීන් සදහා වන්දි මුදල් පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මේ සදහා වැය කෙරුණ මුදල් රුපියල් 79,20,000ක්. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.