ශ්‍රී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ලෝක ශූරතාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

පසුගිය දා ගාල්ලේදී නවසීලන්තයට එරෙහි පළමු තරඟය කඩුළු 6කින් ජයගැනීම සමග කි‍්‍රකට් ලෝක ශූරතාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 60ක් ලබාගෙන සිටිනවා.

දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවට හිමිව තිබෙනවා. මේ වන විට තරඟ දෙකකට මුහුණ දුන් ඕස්ට්‍රේලියාව එක් තරඟයක් පමණක් ජයගෙන ප‍්‍රසාද ලකුණු 32ක් ලබා ගෙන සිටිනවා. එංගලන්තය තරඟ දෙකකට මුහුණ දී ලකුණු 8ක් ලබාගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර දෙවන හා අවසන් ටෙස්ට් තරඟය කොළඹදී ලබන බ‍්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතයි.

Recommended For You

About the Author: Editor