Press-SLPP: දේශපාලන තීරණ ගැනීමේදී තමන්ගේ තරම හොඳ හොඳ හැටි වටහා ගත යුතුයි – මහාචාර්ය ජී. එල්. පීරිස්

ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට බැරිව එජාපයේ පදනම දෙදරා ගිහින්

හේරත් වෙනුවට ශාන්ත බණ්ඩාර ගේන්න නින්දිත සැලසුමක්

දේශපාලන තීරණ ගැනීමේදී තමන්ගේ තරම හොඳ හොඳ හැටි වටහා ගත යුතු යැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියයි. පීරිස් මහතා මේ බව කියා සිටියේ අද (19) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩි දුරටත් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද තම පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළ පීරිස් මහතා,

අපේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාවගෙන් ලැබෙන ප‍්‍රතිචාර පිළිබඳව දැන් හොඳින් පැහැදිලිව පේනවා.

තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්න එක පක්ෂයක අභ්‍යන්තරය ක‍්‍රමවේදයක්. මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ සියලූ පක්ෂ නායකයින් සමඟ විවෘතව සාකච්ඡුා කරලා ඒකමතිකව තීන්දුවක් ගත්තා. අගෝස්තු 11 වෙනිදා අපේ සම්මේලනය වෙලාවෙදි ඒ තීන්දුව ප‍්‍රකාශ කළා. අද වෙනකොට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන ප‍්‍රධාන පක්ෂය වටා ඒකාබද්ධ විපක්ෂයේ සියලූම පක්ෂ එකඟ වී තිබෙනවා. සියලූ දෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එකතු වී තිබෙනවා.

ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට බැරිව එජාපයේ පදනම දෙදරා ගිහින්

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයන්. ඔවුන්ට ඔය තමන්ගේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවාද කියලා තීරණයක් ගන්න බැරිවයි ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන කඳවුරු දෙකකට බෙදිලා. මේ කඳවුරු දෙක අතර බරපතළ බෙදීමක් තිබෙනවා. කවුරු අපෙක්ෂකයා වුනත් පක්ෂයේ කිසිම එකමුතු කමක් නැහැ. පක්ෂය ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට නම් සියලූ දෙනා පූර්ණ සහයෝගය දිය යුතුයි. මේ පවතින තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයේ පදනම දෙදරා යයි.

ආරම්භයේ දී ම මේ විදිහට කැපී පෙනෙන වෙනසක් ජනතාව දකිනවා. අද වෙනකොට තමන්ගේ අපේක්ෂකයා නම් කිරීම කල්දාමින්, කොන්දේසි දානවා. තවත් අය ප‍්‍රතික්ෂේප කරමින් යනවා. සුභවාදී ආරම්භයක් රටටම පෙන්නුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණට පමණයි. පසුගිය සති දෙක තුළ ඒ බව ජනතාවට හොඳින්ම පැහැදිලි වුණා.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රධාන පක්ෂවලට බරපතළ බයක් ඇතිවෙලා.

පළාත් සභා හරහා ජනපතිවරණය අවුල් කරන්න සැලසුම් කරනවා

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්නට තිබුණේ මීට අවුරුදු දෙකකට පෙරයි. අපි ඒ සම්බන්ධයෙන් උසාවියටත් ගියා. නමුත් ජනතාවගේ ඡුන්ද බලය උල්ලංඝනය කරමින් මේ අය දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල් දැමුවා.

පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් වත්මන් රජයේ දෙපාර්ශවයම බරපතළ ලෙස වගකීම දරන්න ඕනේ. දැන් මේ වෙනකොට පළාත් සභා අහෝසි වෙලා තිබෙන්නේ. පළාත් සභා මැතිවරණය කල්දාන්න ඍජුව දායක වූ අය මේ වෙනකොට ජනතාවගේ ඡුන්ද අයිතිය සුරක්ෂිත කරන්න නොවෙයි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන බය නිසා ජනාධිපතිවරණය අවුල් කරන්නයි උත්සාහ කරන්නේ. ඊට අමතරව මේ වෙලාවේ ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්නත් උත්සාහ කරනව.

අද මේ අය පොහොට්ටුවට කොයි තරම් බය වෙලා තියෙනව ද කියනවා නම් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කරන්න විවිධ දේවල් කරනවා. අපි ඒ සම්බන්ධයෙන් බරපතල විරෝධය මතු කරනවා.

හේරත් වෙනුවෙන් ශාන්ත බණ්ඩාර ගේන්න නින්දිත වැඩ කරනවා

අභාවප‍්‍රාප්ත සාලින්ද දිසානායක මන්ත‍්‍රීවරයාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය පාර්ලිමේන්තු නීති සම්ප‍්‍රදායන් සදාචාරයන් අමතක කර නින්දිත වැඩපිළිවෙලකට යටත් කරලා පුද්ගලයෙකුට දෙන්න මේ අය උත්සාහ කරනවා.

අගෝස්තු 7 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු වූ ශාන්ත බණ්ඩාර මහතා තමන්ගේ ආසනයෙන් ඉල්ලා අස් වුණා. එතුමා පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙන්. අද පාර්ලිමේන්තු ධුරයෙන් දුරයෙන් ඉවත්වෙලා කුරුණෑගල දිස්ත‍්‍රික් ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට එන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තු ආසන පුරප්පාඩු වන විටත් එතුමා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වශයෙන් වැඩ කළා. එහෙම තත්ත්වයක් මත නැවත දිස්ත‍්‍රික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න නීතිමය අවස්ථාවක් නැහැ.

සාලින්ද දිසානායක මන්ත‍්‍රීවරයාගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත‍්‍රීධූරය පත්වෙන්න සිටින්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ හේරත් මැතිතුමා. එතුමා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන පුද්ගලයෙක් නිසා එතුමා පාර්ලිමේන්තුවට පැමිනීම වලක්වන්න සම්ප‍්‍රදායන් වලට විරුද්ධව කරන මේ ක‍්‍රියාව අපි හෙළා දකිනවා. ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් කතානායකතුමාට ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

දේශපාලන තීරණ ගැනීමේදී තමන්ගේ තරම හොඳ හොඳ හැටි වටහා ගත යුතුයි

දේශපාලන තීරණ ගැනීමේදී තමන්ගේ තරම හොඳ හොඳ හැටි වටහා ගත යුතුයි. ඇතැම් අය හිතනවා දේශපාලන ලෝකයේ පතාක යෝධයෝ තමන් බව. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විනය පරීක්ෂණ තියෙන්නත් පක්ෂ සම්මේලනයට සහභාගි වූ ශ‍්‍රී ලංකා නිදහස් මන්තී‍්‍රවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ තියන්නත් ඇතැම් අය උත්සාහ කරනවා. විනය පරීක්ෂණ තියලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරවලින්, පක්ෂ වලින් ඉවත් කරනවා කියලා තර්ජනය කරනවා. අද රටේ ජනතාව තුළ මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන ආදරය ගෞරවය කොයිතරම් ද කියලා මුළු රටම දැක්කා. ජනතා හදවත් දිනාගත් නායකයෙක් පාර්ලිමේන්තුවෙන් නෙරපන්න හදනවනම් ඒක සැබෑ ලෝකයේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ රටේ දේශපාලන සංස්කෘතිය හැදෙන්නේ ජනතා මත හා අභිලාෂය මතයි.

2015 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයට සියලූ අය තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පසුවයි එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වීමෙන් අනතුරුව තීන්දු තීරණ සහ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළේ. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති වලට එකඟ වෙන්න බැහැ කියල බොහෝ මන්ත‍්‍රීවරුන් එදා අපි සමග විපක්ෂයේ ඉඳගත්තා.

මේ රජය පිහිටුවීමෙන් අනතුරුව සිදු කළේ සම්පූර්ණ පලිගැනීම පමණයි

2015 නොවැම්බර් මාසයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමෙන් පසුව බොහෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩසටහන් වලට සහභාගී වුණා. අවුරුදු තුනක් විතර දිගටම මේ විදිහට කරගෙන යනකොට නුගේගොඩ රැුළිය, මහින්ද සුළඟ වගේ ප‍්‍රධාන සන්ධිස්ථාන පසුකළා. එදා මතු නොකරපු විනය පරීක්ෂණ අද හදිසියේ නින්දෙන් නැගිටලා වගේ මතු කරන්නේ ඇයි කියන එක ප‍්‍රශ්නයක්. අපි ඒවා සත පහකට ගණන් ගන්නේ නෑ.

එදා කිව්වෙ රාජපක්ෂවරු රටේ සම්පත් කාබාසිනියා කරනවා කියලයි. මේ රජය පිහිටුවීමෙන් අනතුරුව සිදු කළේ සම්පූර්ණ පලිගැනීම පමණයි. එදා අවශේෂ අධිකරණ පිහිටවලා විශේෂ නීති හැදුවා. තෝරාගත් නඩුවක් වශයෙන් ගාමිණී සෙනරත් මහතාට එරෙහිව විශේෂ අධිකරණයකට නඩුවක් ඇහුවා. චෝදනා විසි හතක් යටතේ ඒ නඩුව ගොනු කලත් පසුව චෝදනා 27න්ම නිදොස් කොට නිදහස් කළා. ඒ වගේමයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අවම සාක්ෂි ප‍්‍රමාණයවත් උසාවියට ඉදිරිපත් කරන්න මේගොල්ලෝ අසමත් වුණා. එතුමා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් වුණා.

නමුත් මේ දේවල් නිසා විශාල පිරිසක් අසරණ තත්ත්වයකට පත්වුණා. ඒ අයගේ දරුවන්ට පාසල් යන්න පුළුවන් වුණේ නැහැ. දෙමාපියන්ට ඥාතීන්ට පාරේ යන්නට බැරි තත්ත්වයක් ඇති කළා. බොරු සාක්ෂි ගොතලා නඩු පවරලා වංක ලෙස අධිකරණ පද්ධතිය වෙනස් කළ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී පිහිට වන අපේ රජයක් යටතේ වන්දි ඉල්ලා සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරනවා. ඔවුන් මේ කළ මහා හිංසනයට වන්දි ගෙවන්න සූදානම් විය යුතුයි. මේ වසර අවසානයේ උඩු යටිකුරු කළ සමාජය වහාම නැවත යථා තත්ත්වයට පත්කිරීමට අපි පියවර ගන්නවා

Recommended For You

About the Author: Editor