අකිල ධනංජයගේ සහ කේන්ගේ පන්දු යැවීම සැකයි – ICC

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ සහ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීම සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව දින 14ක් ඇතුළත ඔවුන් පන්දු යැවීම් ඉරියව් පිළිබඳ පරීක්ෂණයකට යොමු විය යුතු බව ද ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුව මොවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳව සැක මතු වන බවට විනිසුරුවන් විසින් චෝදනා එල්ල කර තිබුණි.

Recommended For You

About the Author: Editor