
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කල ත්‍රිපුද්ගල කමිටුව අද (20) පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
එම ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයක් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් මේ අනුව සාක්ෂි ලබාදීමට නියමිතයි.
එන්.කේ.ඉලංගකෝන් මහතා සහ පද්මසිරි ජයමාන්න මහතා මීට ඉහත අවස්ථාවක ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිට සාක්ෂි ලබා දුන්නා.
කාරක සභා සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ කාරක සභාව රැස්වීමට නියමිතයි.