යමුනා ගංගාව පිටාර ගැලීමට ආසන්නයි: ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 55 දක්වා ඉහළට

මෝසම් වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 55 දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ සමග යමුනා ගංගාවේ ජල මට්ටම මීටර් 205ක් දක්වා අනතුරුදායක තත්වයක පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මේ හේතුවෙන් යමුනා ගංගාව දෙපස ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත පිටත්කර යවා තිබෙනවා.

පන්ජාබ්, හිමාචර් සහ උත්තර කන්ද් ප්‍රදේශවල සංචාරකයින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. වර්ෂාවෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ උත්තර කන්ද් ප්‍රදේශයටයි. පසුගිය සති කිහිපයේ මෝසම් වර්ෂාව හේතුවෙන් කේරළ, ගුජරා ඇතුළු බටහිර ප‍්‍රාන්ත දැඩි ගංවතුර තත්ත්වයන්ට මුහුණ දුන්නා.

Recommended For You

About the Author: Editor