International: ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක්

ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් ෂෙසාඩ්ට Mohammad Shahzad වසරක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඊට හේතුව වන්නේ ඔහු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරිමයි.

ෂෙසාඩ් අවස්ථා කිහිපකදීම ඇෆ්ගන් ක්‍රිකට් ආයතනය දැනුවත් නොකර විදෙස්ගතව තිබෙන අතර ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ නීතිරීතිවලට අනුව ක්‍රිඩකයෙකු විදෙස් ගත වන්නේ නම් අනිවාර්යෙන්ම ක්‍රිකට් ආයතනය දැනුවත් කළ යුතුව තිබෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතුරතුරදී මොහොමඩ් ෂෙසාඩ් යළි සිය රටට එවිමට එරට බලධාරින් කටයුතු කළා, ඊට හේතුව වශයෙන් ඇෆ්ගන් ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔහු අබාධ තත්ත්වයකට ලක්වීම බවයි.

එහෙත් එම ප‍්‍රකාශය බැහැර කරමින් ෂෙසාඩ් පසුව කියා සිටියේ තමා සම්පුර්ණයෙන් සූවය ලබා සිටියදී ලෝක කුසලානයෙන් තමාව ඉවත් කිරිමට බලධාරීන් පියවර ගත් බවයි. නමුත් එම චෝදනාව පසුව එරට ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළා

Recommended For You

About the Author: Editor