
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාරව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා “කොළඹ වරාය නගරය” නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.
පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී යෝජනා සම්මතයෙන් කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට “කොළඹ වරාය නගර” භූමිය ඇතුලත් කරනු ලැබීය. ඒ අනුව, නාගරික සංවර්ධන භූමි ප්‍රදේශයක් ලෙසට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මැතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව අද දින ප්‍රකාශටයට පත් කරන ලදී.
ඉදිරියේදී එම ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි සහ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත.