දීප ව්‍යාප්ත වැඩවර්ජනයක මුවාවෙන් GMOA දොස්තර කල්ලිය හෙට රෝගීන් ප‍්‍රාණ ඇපයට ගනී

හෙට (22) උදෑසන 08.00 සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

වර්ජනය ක්‍රියාත්මක වුවද සියලු හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

දැනට පැය 24ක කාලයක් සඳහා සැලසුම් කර ඇති දීපව්‍යාප්ත වැඩ වර්ජනයෙන් ඔබ්බට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට උදෑසන තම සංගමයේ විධායක සභාව රැස්වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් පවසන්නේ.

මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොකරන බව ද එම සංගමය සදහන් කරනවා.

මේ අතර රජයේ වෛද්‍යවරුන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තම සංගමයේ සාමාජිකයින් වර්ජනයට සහාය නොදෙන බවයි. මෙම වැඩවර්ජනය ඍජුව දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන පටු වැඩවර්ජනයක් බව ද ඔවුන් කියනවා.

Recommended For You

About the Author: Editor