පන්දු යැවීම හරිද වැරදිද බලන්න අකිල චෙන්නායි යයි

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට නැවතත් චෝදනා එල්ල වී සිටින පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්‍ෂණය සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර පරීක්‍ෂණාගාරයකට යොමු කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

පසුගිය ඉරිදා (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව අවසන් වූ පළමු ටෙස්ට් තරගයේ කටයුතු කළ විනිසුරුවන් අකිලගේ පන්දු යැවීම නීති විරෝධී යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පියවර ගෙන තිබෙනවා.

එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය පවසා සිටියේ දින 14ක් ඇතුළත අකිල තම පන්දු යැවීමේ ඉරියව් පිළිබද පරීක්ෂණයකට මුහුණ දිය යුතු බවයි.

ඒ අනුව හෙට (22) කොළඹ පීග සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් පසුව අකිල පරීක්‍ෂණය සඳහා චෙන්නායි බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.

Recommended For You

About the Author: Editor