මේ රට වැටුණු වළෙන් ගොඩගන්න භාර දිය හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ – ප‍්‍රවීන කලාකරු ජනක් පේ‍්‍රමලාල්

‘‘2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාට හා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දුන්නේ අමු සොහොනක්. මේ අමු සොහොන මේ දෙදෙනා ලස්සන මල් වත්තක් බවට පත් කෙරුවා. 2015 දී ඒ ලස්සන මල් වත්ත මුඩුබිමක් බවට පත්වුණා. මේ මුඩු බිම සරු බිමක් බවට පත්කරන්නට එහෙම නැත්නම් මේ රට වැටුණු වළෙන් ගොඩගන්න භාර දිය හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා’’ ප‍්‍රවීන කලාකරුවෙකු වන ජනක් පේ‍්‍රමලාල් මහතා පවසනවා.

ජනක් පේ‍්‍රමලාල් මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (21) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡවකදී.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනක් පේ‍්‍රමලාල් මහතා,

මම මේ රටේ මහජනතාවගේ මුදලින් නිදහස් අධ්‍යාපනයේන් මේ තත්ත්වයට ආපු කෙනෙක්. ඒ නිසා මගේ යුතුකමක් වගකීමක් වෙනවා මේ රට අද වැටිලා තියෙන තත්වෙන් ගොඩ ගත හැකි ආකාරය කතා කරන්න. එය මගේ යුතුකමක් වගකීමක් වගේම අයිතිවාසිකමක්.

අධ්‍යාපනය ගැන කතා කරනකොට මට මුලින්ම මතක් වෙන්නේ 1964 අවුරුද්දේ ගෝවින්න කනිෂ්ඨ විද්‍යාලයේ බාලාංශය ට ඇතුලත් වුනු දවස. පළවෙනි දවසේ මගේ නම පොතට ඇතුළත් කරගෙන ඉස්කෝලේ හාමිනේ මගේ අතට ඉදලක් දීලා මුළු පාසල් භූමිය ම අතුගාන්න කිව්වා. දෙවැනි දවසේ මගේ අතට දෙනව කොස්සක්. මම එකෙන් පන්ති කාමර සියල්ල අතුගාලා මකුණු දැල් කඩලා පිරිසිඳු කරනවා. මට එදා තේරුණේ නෑ මේකෙ තේරුම මොකක්ද කියලා.

නමුත් අද තමයි මට තේරෙන්නේ ඒ මගේ ලොකු ඉස්කෝලේ හාමිනේ දීපු පණිවිඩය, ආදර්ශ ය. ඒ මුළු පාසල් වත්ත අතුගාලා මම එදා ඒ කෙරුවෙ මාතෘ භූමි වන්දනා කිරීම. උපන් රටට ජන්ම ලාභය ලැබූ රටට. මගේ සිතේ අද තමයි ඒ හැඟීම ඇති වෙන්නේ.

මගේ රටට ආදරේ කරන්න, මගේ රටේ ගහකොළට ආදරේ කරන්න, සතා සිවුපාවාට ආදරේ කරන්න, මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට ආදරේ කරන්නේ මේ රට කැබලි කරල විකුණන එකට විරුද්ධව නැගී සිටි සිටින්න, මේ රට බෙදීමට විරුද්ධව, මේ රට විදේශිකයන්ට විකිණීමට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න මට ශක්තිය ලැබුණේ එදා මම ඒ පාසල් වත්ත අතුගාපු නිසා. පංති කාමරය අතුගාපු එකේ තේරුම මට තේරුනේ දැන්.

මේ රටේ සම්පත් වලට ආදරය කරන්න සම්පත් ආරක්ෂා කරන්න ඒ සම්පත් පිටරැුටියන්ට විකුණන එකට විරුද්ධ වෙන්න එහෙම කොන්දක් මට ඇතිවුනේ ඒදා මම ඉගෙනගත්ත පාඩමින්.

අද දවසේ මේ රට වැටිලා තියෙන ආකාරය දිහා බැලූවම මෙතනින් මේ රට ගොඩ ගත හැකි එකම පුද්ගලයෙක් පමණයි මේ සකල ශ‍්‍රී ලංකා දීපය තුළ අපේ හිතේ ඇදෙන්නේ. අපේ මතකයට එන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.

2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාට හා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දුන්නේ අමු සොහොනක්. මේ අමු සොහොන මේ දෙදෙනා ලස්සන මල් වත්තක් බවට පත් කෙරුවා. 2015 දී ඒ ලස්සන මල් වත්ත මුඩුබිමක් බවට පත්වුණා. මේ මුඩු බිම සරු බිමක් බවට පත්කරන්නට එහෙම නැත්නම් මේ රට වැටුණු වලෙන් ගොඩ ගන්න භාර දිය හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.

ජාති ආගම් කුල භේද කිසිවක් නැතිව පක්ෂ පාට කිසිවක් නැතුව අපි හිතන්න ඕන එකම එක කාරණයයි. ඒ තමයි මේ රටේ ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව වලපල්ලට ගිය කාලයක ඒ පිළිබඳ කිසිම සැලකිල්ලක් තැකීමක් නො කරපු කාලයක මෙය සිදුවන මහා විනාශයන් එක්ක මෙතනින් මේ රට නිදහස් කර ගැනීමට මේ රටේ ජීවත් වන පුරවැසියෙක් වශයෙන් දෙපයින් නැගී සිටිය සිටිය හැකි නිදහස් ජීවිතයක් නැවත ගත කිරීමට හැකියාව ලබාදිය හැකි පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.

ඒ නිසා මම ඉල්ලා සිටිනවා සිංහල දමිළ මැලේ බර්ගර් සිංහල බෞද්ධ සිංහල කතෝලික සිංහල ක‍්‍රිස්තියානි කිසිදු භේදයකින් තොරව ජාති අවශ්‍යතාවයට ජාතික නායකයා වශයෙන් මේ රටේ ජාතික ආරක්ෂාව ගොඩ නැගිය හැකි නව නායකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේදි පත්කරගන්නා ලෙස.

Recommended For You

About the Author: Editor