
ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්රයේ ACHSI අන්තර්ජාතික ප්රමිතිකරණය හිමි මෙරට ප්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය සී ෂෙල්ස් රාජ්‍යයේ ‘මාහේ’ හී අංග සම්පූර්ණ වෛද්‍ය රසායනාගාරයක් අරඹමින් විදෙස් රාජ්‍යයක රසායනාගාර සේවාවක් ක්‍රියාත්මක කළ ප්‍රථම ශ්‍රී ලාංකීය රෝහල් සේවාව බවට පත් විය.
3000 කට අධික පුළුල් පරාසයකින් යුතු වෛද්‍ය පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකිරීමේ හැකියාවෙන් යුත් හේමාස් රසායනාගාර සේවය අන්තර්ජාතික ප්‍රමීතීන්ට අනුකූලව පවත්වාගෙන යනු ලබයි. උසස් මට්ටමේ බාහිර සහ අභ්‍යන්තර තත්ත්ව සහතික කිරීමේ ක්‍රමවේදයන්ට සහ සී ෂෙල්ස් රාජ්‍යයේ ප්රමිතීන් ප්‍රමිතීන්ට අනුකුලව සියලූ රසායනාගාර කටයුතු කිරීමට හේමාස් රෝහල් රසායනාගාරය ක්‍රියා කර ඇත. සී ෂෙල්ස් හි ඇරඹි හේමාස් රෝහල් රසායනාගරය වඩාත් කාර්යක්ෂම සහ ඉහළ නිරවද්‍යතාවකින් යුතු රසායනාගාර සේවාවක් කඩිනමින් ලබා දීමට සමත් ව සිටී.