Ribelz Integrated සහ TVS සම්මාන දිනයි

Ribelz Integrated සහ TVS සමාගම් මෙවර Golden Globe Tigers සම්මාන උළෙලේ දීවිශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණය වෙනුවෙන් සම්මාන දිනාගැනීමට සමත්විය. Ribelz Integrated සමාගම TVS යතූරු පැදිවෙනුවෙන් ක්‍රියාවට නැංවූ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන්, වෙළෙඳපොළ තුළ TVS හිමිකර ගෙන සිටින ස්ථානය තවදුරටත් තහවුරු කිරීමට විශාල දායකත්වයක් දැක්වීය.

මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ ටාජ්සමුද්‍ර හෝටලයේදී පැවැත්වුණු අතර සම්මාන පිරිනමන ලද්දේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසිනි. සම්මාන උළෙල අලෙවිකරණය, සන්නාමකරණය, ආයතික ප්‍රජාසත්කාර, සමාජන වෝත්පාදන සහ අධ්‍යපනයනාදී අංශ සම්බන්ධ විශිෂ්ටයන් ඇගයීමටලක්කරයි.

සම්මානය පිළිබඳව අදහස් දක්වමින් Ribelz Integrated සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඉන්දික ජයපාල පැවසුවේ. ‘‘TVS සමාගම වෙනුවෙන් සැලසුම් කළ ඩිජිටල් ක්‍රමෝපායන් මගින් සමාගමේ සන්නාම ව්‍යාප්තිය සහ අලෙවිය වර්ධනය කිරීමට පැහැදිලි දායකත්වයක් ලබාදීමට අපට හැකිවුණා.මෙහි විශේෂත්වය වන්නේ ඉලක්ක ගත පාරිභෝගික කණ්ඩායම් නිවැරදිව හඳුනාගෙන, එම කණ්ඩායම් වලට හොඳින් ආමන්ත්‍රණය වන පරිදි මෙය සැලසුම්කර ක්‍රියාවට නැංවීමයි.’ යනුවෙන් පැවසීය.

Recommended For You

About the Author: Editor