SL vs NZ විස්සයි විස්ස තරගාවලියේදී මාලිංගට සහ මැත්ව්ස්ට යළි කෙණහිලි

සංචාරක නවසීලන්ත කණ්ඩායමට සමග ලබන සැප්තැම්බර් මස 1 වැනිදා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා 24 දෙනකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර එම සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නැත.

මේ පිළිබදව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු සදහන් කළේ මෙම තරගාවලියෙන් මැතිව්ස් විවේක ගැන්වූ බවයි. “ මැතිව්ස්ව පරිස්සමට ක්‍රීඩා කරවන්න ඕනේ. ඔහුට වැඩි බරක් දාන්න නරකයි. ඒ නිසා අපි මේ විස්සයි 20 තරගාවලියෙන් ඔහුව එළියෙන් තිබ්බා”

එහෙත් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයින් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ඇන්ජිලෝ මැතිව්ස් තේරීම් කමිටුවේ කතුරට හසුව ඇති බවයි.

“තේරීම් කමිටුව මොන කතා කිව්වත් මැතිව්ස් කියන්නේ මේ තරගාවලියටත් ක්‍රීඩා කළ යුතු ජ්‍යෙෂ්ඨ පිතිකරුවෙක්. ඔහු පසුගිය ටෙස්ට් තරගයේදී වැදගත් භූමිකාවක් ඉටුකළා. පළමු ඉනිමේදී විනාඩි 136ක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 50 ක් ලබාගත්තා. දෙවැනි ඉනිමේදී විනාඩි 115ක් කඩුල්ලේ රැඳෙමින් නොදැවි ලකුණු 28 ක් ලබා ගත්තා. ඔහු තමයි ශ්‍රී ලංකා ජයග්‍රහනයේ නියමුවා වුණේ. ඒත් විස්සයි 20 තරගයක සම්පූර්ණ ඉනිමක කාලය වන්නේද විනාඩි 85ක්. ඉතිං ඔහුට අලුතින් ලබා දෙනන්න තියෙන විවේචකය කොකක්ද ? මේක පැහැදිලිව කැපිල්ලක්”

මේ අතඑ ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමට මේ දක්වා නායකයකු පත්කර නොමැති අතර එහි නායකත්වයට ක්‍රීඩකයන් කීපදෙනකු අතර සීතල යුද්ධයක් නිර්මාණ වී ඇති බවක් ද වාර්තාවේ.

විස්සයි 20 පිලේ නායකත්වයට කුසල් පෙරේරා හෝ නිරෝෂන් දික්වැල්ල පත්කිරීමට මේ වන විට අවධානය යොමු වී ඇති බව ද වාර්තා වේ.

එහෙත් ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගත් දිනයේ පැවසුවේ තමන්ට විස්සයි20 පිලේ නායකත්වයේ කටයුතු කරන ලෙස තේරීම් කමිටුව පැවසූ බවයිග එහෙත් අප අබ්‍යන්තර ඇරංචි මාර්ග සදහන් කරන්නේ ලසිත්ව නායකත්වයට පත් නොකරන ලෙස ක්‍රීඩකයින් කිහිප දෙනකුම ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවයි.

Recommended For You

About the Author: Editor