අත – පොහොට්ටුව එකතු වුණත් ජනපති අපේක්ෂකයා ගෝඨාම බව මහින්ද කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇති වුව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ අද (30) කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි.

මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.

‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සාකච්ඡා කරන්නේ එකතු වෙන්න නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්‍ෂ දෙකේම අනන්‍යතාවය ආරක්‍ෂාකරගෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවන්නයි. එහෙම නැතුව එක පක්‍ෂයකට එකතුවීමක් සිදුවෙන්නේ නැහැ. කොහෙම වුණත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පවත්වන සාකච්ඡා සහ ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පවත්වන සාකච්චාත් බොහෝ දුරට සාර්ථක වෙලා තියෙනවා.

මේ ආණ්ඩුව නම් දැනටමත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට බයවෙලා. අපිට ගහන්නේ ඒ නිසයි. කොහොම වුණත් අපි නියම වෙලාවට අපේක්‍ෂකයා ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණත් අපේක්‍ෂකයා ඉදිරිපත් කළා. නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුධ නිසා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්නතවම බැරිවෙලා තියෙනවා. පක්‍ෂ ව්‍යවස්ථාව ඉදිරියට දාලා ඒ අර්බුදය වහගන්න දැන් එයාලා උත්සාහ ගන්නවා. දේශපාලන පක්‍ෂවල ව්‍යවස්ථා ඒ විදියටම ක‍්‍රියත්මක වෙනවානම් හරිම හොඳයි’’ යැයිද මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.

Recommended For You

About the Author: Editor