
කලුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතාගේ අලුත්ගම කලුවාමෝදර දෙමහල් නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු එහි නිදන කාමරයක තිබූ අල්මාරියක් විවෘත කර අවුස්සා දමා ගොස් ඇතැයි අලුත්ගම පොලීසිය පවසනවා.
නිවසේ නිදන කාමරයේ ජනේලයක් බිඳ සැකකරු නිවසට ඇතුළු වී තිබෙන බව සැකකරන බවත් ඊයේ (19) සවස පහත් අද (20) උදෑසන 7.30ත් අතර මෙම සිදුවීම සිදුව තිබෙන බවත් පොලිසිය සදහන් කළා.