ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ‘ඇෆ්ගනිස්ථානයට’ පමණක් ඉදිරියෙන්

2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පසුගිය අප්‍රේල් මාසයේදී කරන ලද පුරෝකථනයන්ට සාපේක්ෂව ඔක්තෝබර් මස යාවත්කාලීන කිරීමේදී සියයට 0.8කින් කප්පාදු කර එය සියයට 2.7 දක්වා පහත හෙළීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුද පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද ‘ලෝක ආර්ථික දැක්ම’ නම් වාර්තාව මගින් මේ පහළ හෙළිම කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා පුරෝකථනය සියයට 5 ක් වූ අතර එය ද සියයට 0.4කින් පහත හෙළා තිබෙනවා. නමුත් බංග්ලාදේශයේ වර්ධන පුරෝකථනය සියයට 0.5කින් 7.5 දක්වා වැඩි කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශය පත් කළ ආර්ථික වර්ධනයේ පහත වැටීමේ සංශෝධනයද මේ සතිය මුලදී ලෝක බැංකුව විසින් සිදුකළ සංශෝධනයට සමාන බවක් පිළිබිඹු කරන බවයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ.

ලෝක බැංකුව සිය නවතම දකුණු ආසියානු ආර්ථික කේන්ද්‍රය තුළ 2019 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2.7ක් දක්වා පහළ යන බව සඳහන් කර තිබුණ අතර එය ඉහළින් සිටින්නේ කලාපීය වශයෙන් ඇෆ්ගනිස්ථානයට පමණයි.

ලෝක බැංකු වාර්තාවන්ට අනුව බංග්ලාදේශයේ ආර්ථික වර්ධනය සියයට 8.1ක් වන අතර ඉන්දියාවේ සියයට 6.0ක් වෙනවා. පාකිස්තානය සියයට 3.3කින් සිය ආර්ථිකය වර්ධනය කරගනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර මාලදිවයින, නේපාලය සහ භූතානය වැනි අනෙකුත් කුඩා රාජ්‍යයන් පවා ශ්‍රී ලංකාවට වඩා හොඳ වර්ධනයක් මෙම වසරේදී අපේක්ෂා කරන බව ලෝක බැංකුව කියනවා.

Recommended For You

About the Author: Editor