අපි කිසිම බෝගයක් පිටරටින් ගේන්න දෙන්නේ නැහැ – ගෝඨාභය රාජපක්ෂ

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සදහා වන ජනහමුවක් අද (21) ඇඹිලිපිටියේදී පැවැත්විණි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ශ‍්‍රීලපොපෙ ප‍්‍රබලයින් සහභාගී වූ මෙම ජනහමුවේදී ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ අදහස්,

අපි එදා මේ රටේ තිබුණු ත‍්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි නැවතත් ත‍්‍රස්තවාදයක් මේ රටේ හිස ඔසවන්නේ නැති වෙන්න ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදුවා. ඒ නිසා කිසිම ත‍්‍රස්තවාදයක් නැවත හිස එසවූවේ නැහැ. පොලීසිය බුද්ධි අංශ හමුදාව එක්කරලා හොද ආරක්ෂක සැලැස්මක් කි‍්‍රයාත්මක වුණා.

අදට මාස හයකට පෙර පාස්කු ඉරිදා නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තා. මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු නොකළ නිසා, ප‍්‍රමුඛත්වයක් නොදුන් නිසා බුද්ධි අංශ විනාශ කරලා අභූත චෝදනා ඉදිරිපත් කළා. හිරගත කිරීම නිසා විවිධ සම්මුතීන් අනුව ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්න මාර්ග හැදුවා. මේ නිසා රටේ ආරක්ෂාව නැති වෙලා බෝම්බ පුපුරන්න ගත්තා.

ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය නොදෙන මේ අමාත්‍ය මණ්ඩලයට රටේ ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. ත‍්‍රස්තවාදය අවසන් කරන්න බැහැ කියද්දි අපි වසර දෙකහමාරක් තුල ත‍්‍රස්තවාදය අවසන් කළා. ඒ වැනි දෙයක් කරපු අපිටයි නැවතත් ජාතික ආර්ක්ෂාව ඇති කරන්න පුළුවන්.

වරායන් ගුවන් තොටුපළ, කාපට් මාර්ග වගේම කොළඹ නගරය ආසියාවේ සීඝ‍්‍රයෙන්ම දියුණූ වන නගරය බවට පත්කළා. ඔබ මේ සිටින වෙළෙද පොළ ආරක්ෂක අමාත්‍යංශයත් නාගරික සංවර්ධන අධිකාරියත් එකතු වෙලා ගොඩනැගුවා. අපි ගෙන ගිය මෙවැනි සංවර්ධන කටයුතු නතර කර දැමීම නිසා ඒවා හා සම්බන්ධ වුණු ව්‍යාපාරකයින් කොන්ත‍්‍රාත්කරුවන් සැපයුම්කරුවන් සියලූ දෙනාගේ ව්‍යාපාර නැවතුනා. ඒ හා සම්බන්ධ රැුකියා ලක්ෂ 4ක් පමණ නැති වුණා. මේ විදියටයි ආර්ථීකය කඩා වැටෙන්න ගත්තේ. මේ අයට සැලසුම් කි‍්‍රයාත්මක කරන්න ශක්තියක් නැහැ.

අපි බලය ගැනීමෙන් පසුව ආර්ථිකය ගොඩ ගැනිම ගැන වෘත්තිකයින් ව්‍යවසායකයින් සමග සාකච්ඡුා කර විසදුම් හදුනාගෙන සැලසුම් අපි සකස් කළා. අපි අභියෝග භාර අරන් අභියෝග ජයගත්ත කණ්ඩායමක්. ආසියාව චිනය සිංගප්පූරුව වැනි රටවල් අද දියුණු වෙමින් තිබෙනවා. අපේ රට දියුණු කරන්න පුළුවන් ක්ෂේත‍්‍ර අපි හදුනාගෙන තිබෙනවා. අපේ තරුණ තරුණියන් බුද්ධීමත්. උපාධි ලබලා රැුකියා නැතිව ඉන්න තරුණයින් ඉන්නවා.

උසස්පෙළ සමත් වෙලත් විශ්ව විද්‍යාලයේ යන්න බැරිවිම නිසාත් අතරමං වුණු තරුණයින් ඉන්නවා. මේ තරුනයින් ආර්ථිකයට සුදුසු රැුකියා සදහා යොමු කරන්න අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරනවා. විශ්ව විද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. දුරස්ත අධ්‍යාපනය හරහා පාඨමාලා වෙනස් කරනවා. උසස්පෙළ සමත් වෙන සෑම සිසුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නවා.

මේවැටුනු ආර්ථකය ගොඩගන්න අවහ්‍යයි. බුද්ධිය මුල් කරගනිමින් පරිගණක ක්ෂේත‍්‍රයෙන් දියුණු වෙමින් රැුකියා නිපදවීමේ හැකියාව තිබෙනවා. තරුණ තරුණයින් ඒ සදහා පුහුණු කරන්න අවශ්‍යයි. ඒ වගේම කලා අංශයෙන් උපාධියක් ලැබුවත්, කළා අංශයෙන් උසස්පෙළ සමත්ව තිබුණත් මාස හයක පමණ කාලයක් තුළ නිපුණත්වයක් ලබා දෙමින් රැුකියා ලබා දීමේ හැකියාව තිබෙනවා.

මේ රජය කෘෂිකර්මාන්තය වෙනුවනේ අවධානය යොමු කළේ නැහැ. කෘෂිකර්මාන්තය අපේ සංස්කෘතිය හා බැදුනු දෙයක්. අපි ආහාර අතින් ස්වයංපෝෂිත විය යුතුයි. අපි පාහොර සහනාධාරට දීලා රට සහලින් ස්වයං පෝෂිත කළා වගේ නැවතත් ගොවි ජනතාවගේ ආර්ථිකය නංවා සහලින් ස්වයං පෝෂිත කරන්න පොහොර නොමිලේ දෙනවා. ගොවි ණය කපා හරින්නත් පියවර ගන්නවා.

වී වගේම තේ, ගමිමිරිස්, පැගිරි, කුරුදු ගොවින් පවා අද අසරණයි. ගුණාත්මකභාවයක් නැති දේ මෙරටට ගෙනත් නැවත ප‍්‍රතිඅපනයනය කිරීම නිසා ගොවින් අසීරුතාවයට පත්වෙලා. අපි කිසිම බෝගයක් පිටරටින් ගේන්න දෙන්නේ නැහැ. අපි ගොවියා ව්‍යවසායකයෙක් කළ යුතුයි. ගොවින්ගේ දැනුම වැඩි කරලා තාක්ෂණය යොදවලා ගොවින්ගේ ආදායම වැඩි කරන්න පියවර ගන්නවා.

ව්‍යාපාර දියුණු කිරිම මගින් රැුකියා උත්පාදනය කළ හැකි වන්නේ. බුද්ධිය හෝ කෘෂිකර්මය සංචාරක අංශය හෝ මුල් කරගෙන ආර්ථීකය ගොඩගන්නත් රැුකියා උපදවන්නත්, විරැුකියාව තුරන් කරන්නත් අපිට සැලසුම් තිබෙනවා. මම මට දුන්න වගකිම් සියයට සියයක්ම ඉටු කළ පුද්ගලයෙක්. මට ආරක්ෂක ලේකම් පදවිය දීලා වගකීමක් භාර දුන්නා.

තිස් වසරක යුද්ධය වසර දෙකහමාරකින් අවසන් කරන්න පුළුවන් වුණා. යුද්ධය අවසන් වීමෙන් පස්සේ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්කම මට දුන්නා. කොළඹ නගරය ආසියාවේ සීඝ‍්‍රයෙන් දියුණු වෙන නගරය කරන්න මට පුළුවන් වුණා. මට දෙන වගකිම ඉටු කරන්න මම බැදී සිටිනවා.

Recommended For You

About the Author: Editor