
කැනඩාවේ මහ මැතිවරණය අද ආරම්භ වනවා. අග්රාමාත්ය ජෙස්ටින් ටෘෘඩෝ ගේ ලිබරල් පක්ෂය මෙවරත් මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ සිය දෙවන ධුර කාලය සඳහා බලය ලබා ගැනීමටයි.
මහමැතිවරණය සඳහා කන්සවේටිව් පක්ෂය එන්ඩීපී පක්ෂය මෙන්ම තවත් පක්ෂ 6ක් ප්රධාන වශයෙන් තරග කරනවා. මෙවර පැවැත්වෙන්නේ කැනඩාවේ 43 වන මහ මැතිවරණයයි.
කිසියම් දේශපාලන පක්ෂයක් ආණ්ඩුබලය පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ අසුන් 338 න් 170ක බලයක් ලබා ගත යුතුයි. මැතිවරණ ප්රචාරක කටයුතු සදහා දින 40 ක කාලයක් ලබා දීමට එරට මැතිවරණ බලධාරීන් කටයුතු කර තිබෙනවා.