වැඩ බැරි ආණ්ඩුවකට, වැඩ බැරි මිනිහෙකුට ඡන්දේ දීලා වැඩක් නෑ – මහින්ද රාජපක්ෂ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සහතික කිරීම සදහා වන තවත් ජන හමුවක් අද (21) ඇඹිලිපිටියේ දී පැවැත් වුණා. මේ සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රබලයින් විශාල පිරිසක සහභාගී වුණා.

එහිදී ජනහමුව ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා,

මට ඇඹිලිපිටිය මට තැනක් නෙවෙයි. මම ඇඹිලිපිටිය අධිකරණයේ වසර 19ක් තිස්සේ පෙනී සිටිය නිතිඥූයෙක්. ඒ නිසයි අධිකරණයක් වගේම, ඉඩම් කච්චේරියත් ඇඹිලිපිටියට ගෙනාවේ. දවසක් උදේ ව්‍යායාම් කරන්න මම එනකොට මෙතැන තිබුණේ මඩ වළක්. ඒ වෙලාවෙම මම දුරකතනයෙන් කතා කළා නාගරික සංවර්ධන අධිකාරියේ එදා ලේකම්ව හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතාට. කතා කරලා මේ මඩ වළ හදලා දෙන්න කිව්වා. මේ පොළ භූමිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩක්. අපි ඇඹීලිපිටියේ මාර්ගය ලොකු කරන්න ගියාම, නඩු දාපු නිසා අදත් ඇඹිල්පිටියේ මාර්ගය පටුයි.

සූරියවැව මළ කදන් ගැනත් අපිට මතකයි. අපි තේක්ක කැලේට ගිහින් ඇටකටු සොයාගෙන ආවා. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මරණ ගණන ඔබට මතකද? කවුද මැරුවේ. පේ‍්‍රමදාස ආණ්ඩුවයි එදා තරුණයෝ මැරුවේ. ආයෙමත් පේ‍්‍රමදාස යුගයක් ඕනේද? ඉල්ලන්නේ ප්‍රේමදාස යුගයක්ද? ඔබ එපා කිව්වට අපේක්ෂකයා කියන්නේ තාත්තා කරපු වැඬේ මම තවත් හොදට කරනවා කියලයි.
ජනතාව, තරුණයා ජීවත් කරවන යුගයක් ඕන කරන්නේ. යුද්ධය ගැන කතා කරන්නත් දැන් තහනම්. යුද්ධයෙන් අවුරුදු 10ක් යනකල් බෝම්බ පිපුරුවේ නැහැ. පාස්කු දවසේ සහරාන් බෝම්බ පිපුරුවා. තොරතුරු තිබිලත්, මේ ආන්ඩුව ඒ ප‍්‍රහාරය වලක්වන්න පියවර ගත්තේ නැහැ. ඒ මරණ සම්බන්ධයෙන් ශෝකය ප‍්‍රකාශ කරන්නත් ප‍්‍රමාද වුණා.

එදා නීතිය නවපු කෙනා අද ඇප නැතිව හිරේ. අපි පන්සලට, කෝවිලට, පල්ලියට යන්න බිය වුණා. මුස්ලිම් ජනතාව සහරාන්ලා අත් අඩංගුවට ගන්න කියද්දිත් මුස්ලිම් ඡුන්ද ටික නැතිවෙයි කියලා සහරාන්ලාව අත් අඩංගුවට ගත්තේ නැහැ. අත්අඩංගුවට ගෙන තිබුණ අයත් නිදහස් කළා.
එහි ප‍්‍රතිඵලය වුණේ මහා මිනිස් සංහාරයක්. මෙයට ඉඩ දෙනවාද? මගේ අතේ ලේ නැහැ. අත් පිරිසිදුයි කියනවා. වටේ ඉන්න අයගේ අත් දිහා බැලූවාම පිරිසිදුකම බලාගන්න පුළුවන්. ජනාධිපති කොමිෂමකින් පිරිසිදු අයගේ තරම හෙළිවෙලා තියෙනවා දැන්. ඒ කොමිෂන් වාර්තාව එළියට දාන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.

අපිට අවශ්‍ය බොත්තම තද කරපුවාම මිඞ්වයිෆ් එළියට එන, ?ට සතුටින්ද කියලා හොයන කෙනෙක් නෙවෙයි. රට දියුණු කරන්න පුළුවන් පුද්ගලයෙක්. අපි මහා සංඝරත්නයෙන්, වෘත්තියකයින්ගෙන්, ජනතාවගෙන් අහලා වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් පත් කළා. යුද්ධය අවසන් කරන්න නායකත්වය දීලා, කොළඹ නගරය වේගයෙන් දියුණූ වන නගරය බවට පත් කළ වැඩ කළ හැකි පුද්ගලයෙක් මම ජනාධිපතිවරණ අපෙක්ෂකයා විදියට පත් කළා.

කතරගමට යන්න තිබුණු කොච්චිය බෙලිඅත්තෙන් නතර වෙලා. අපි කරගෙන ආපු හයි වේ නතර වෙලා. මම ගිවිසුම් අත්සන් කරලා, සමහර තැන්වල වන්දිත් ගෙවලා ඉවරයි. මේවා ගැන හිතන්න. හම්බන්තොට වරාය ඇවිත් ගුවන් තොටුපළ ආවම දියුණු වුනේ ඔබේ නගරයයි. අපේ උක් වගාව, පුද්ගලික අයට උදුරා ගන්න දෙන්න හැදුවා. මේවා ජනතාවට අයිති දේවල්. ජනතාවට අයිති දේවල් පවරා ගැනීමට උත්සාහ කිරීම මහා අපරාධයක්.

කොළොන්න කියන්නේ සශී‍්‍රක ප‍්‍රදේශයක්. කෘෂිකර්මයෙන් ජිවත් වෙන ජනතාවගේ ප‍්‍රදේශයක්. එදා ගම්මිරිස්වලට කියක් ලැබුණද? අද කීයක් ලැබෙනවාද? කුරුදු ටිකට, පැ`ගිරිවලට, බෝගවලට අද කීයද දෙන්නේ.

ජිවත් වෙන මිනිස්සුන්ට ජීවත් ආර්ථිකයක් නැති කළා. භාණ්ඩයක් පිටරටින් ගේන කොට බදු ගහනවා. කර්මාන්ත ශාලාවෙන් නිපදවලා ගේන කොට බදු අය කරනවා. තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දාගෙන් වගේම පාරිභෝගිකයාගෙනුත් බදු ගන්නවා. රුපියල් 20ට තිබුණු ලූනු පැකට් එක අද 100යි. මුහුදෙන් නිකම් ලැබෙන වතුර ටික.

අද වෙද්දි එජාපය දෙදරලා. පතාක යෝදයෝ අපේ පැත්තට එනවා. විජේදාස රාජපක්ෂ ආවා. තලාවේ ලොකු මහත්තයා ආවා. ඇල්පිටියේ මැතිවරණයට අපි වෙන වෙනම ඉල්ලූවේ. ශී‍්‍රලනීපයයි අපියි එක වුනාම 70% ට වැඩියි. අපි පසුගිය මැතිවරණයෙන් ආසන 96ක් දින්නා. ශී‍්‍රලනිපය ආණ්ඩුවට එකතු වෙන්න තීරණය කිරීමත් එක්ක අපි විපක්ෂයට ආවා.

බණ්ඩාරනායක මහත්තයාලා එජාපයෙන් ආවේ එජාපයේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධවයි. අපේ 56 දෙනාගේ කණ්ඩායමට විපක්ෂ නායකකමවත් දුන්නේ නැහැ. ආණ්ඩුව ආරක්ෂා කරපු, ආණඩුව බිහිකරන්න උදව් කරපු, ජවිපෙට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකකම දුන්නා. මැතිවරණ කල් දැමීම වගේම, ගෙනාපු හැම පනතකටම ජවිපේ වගකිව යුතුයි. දැන් ශී‍්‍රලනිපයයි, පොහොට්ටුව එකතු වෙලා. ඒ නිසා 70%ට වැඩි ප‍්‍රමාණයකින් අපි ජය ගන්නවා.

දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමගේ ප‍්‍රධානත්වයෙන් අපේ අණ්ඩුව සමයේදියි ඔබට වතුර දුන්නේ. සූරියවැවට යන්න අපි පාර හැදුවාට පස්සේ එක අගලක් පාර දිගු කළාද ? වැඩ බැරි ආණඩුවකට, වැඩ බැරි මිනිසෙකුට ඡන්දය දීලා වැඩක් නැහැ. වැඩ කළ හැකි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරමින් වැඩ කළ හැකි ආණ්ඩුවක් පිහිටුවන්න ඔබේ සහාය දෙන්න.

Recommended For You

About the Author: Editor