තිලංග කෝප් කමිටුවට – ජවිපෙන් දැඩි විරෝධය

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාව කෝප් කමිටුවට පත් කර තිබෙන අතර ඊට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා දැඩි ලෙස විරෝධය පල කර සිටියේය.

මේ වනවිට කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි වංචා දූෂණ සම්බන්ධ චෝදනා එල්ල වී ඇති ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාව කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කිරීම යුක්ති සහගත නොවන බව බිමල් රත්නායක මහතා අවධාරණය කළේ ය.

මෙලෙස තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාව පත්කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් හිස්වූ කෝප් කමිටු සාමාජික ධුරය සඳහා ය.

Recommended For You

About the Author: Editor