
ශ්රී ලංකාවේ දිස්ත්රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා 2019 ඔක්තෝබර් 22 දා සිට ත්රිවිධ හමුදාව වෙත පවරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම දිස්ත්රික්ක 25 තුළ මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් ශ්රී ලංකා යුද හමුදාව, ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරෙනවා.
මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුවයි ජනපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.