
ජන නියමු කලාකරුවෝ සංවිධානය දිවයින පුරා සංවිධානය කර ඇති ජන රැලි මාලාවේ පළමුවැන්න ඊයේ (23) හෝමාගම පොදු වෙළඳ සංකීර්ණ භූමියේ දී පැවැත්වීය. “වින්දනීය ජීවිතයක අපේක්ෂාව” නමින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ජනතාව දැනුවත් කිරීමේ රැලියක් සහ කලා කටයුතු කිහිපයක් ඊයේ දින ජන නියමු කලාකරුවන් විසින් සංවිධානය කර තිබිණි.

අනුර ශ්‍රීනාත්, ලලිත් ජයවීර, මහින්ද පතිරගේ ඇතුළු ප්‍රවීණ කලාකරුවන් පිරිසක් සිය චිත්‍ර නිර්මාණ එම ස්ථානයේ සිට සිදුකළ අතර එම අවස්ථාවට සම්බන්ධවූ නිර්මාණකරුවන්ගේ සාහිත්‍ය කෘති පහසු මිලට ජනතාවට ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දී තිබිණි.
සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, ප්‍රවීණ රංගවේදී චන්ද්‍රසෝම බින්දුහේවා, ප්‍රවීණ සාහිත්‍යවේදී කමල් පෙරේරා, සම්මානනීය රංගන ශිල්පිනී දීපානි සිල්වා, සම්මානනීය සිනමාවේදී අනුරුද්ද ජයසිංහ, සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හිනිදුම සුනිල්සෙනවි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, ප්‍රවීණ නාට්‍යවේදී කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, ප්‍රවීණ රංගවේදී මහින්ද පතිරගේ, ප්‍රවීණ සාහිත්‍යධර කීර්ති වැලිසරගේ, ප්‍රවීණ ගායනවේදිනී කුමුදුනී ගුණවර්ධන, ප්‍රවීණ සාහිත්‍යවේදිනී සෝමලතා හේරත් මැණිකේ, නාට්‍යවේදී ජගත් චන්ද්‍රසිරි, නාට්‍යවේදී සංගීත ගුණරත්න, නාට්‍යවේදී ලලිත් රාජපක්ෂ, කථිකාචාර්ය නාට්‍යවේදී අසංක රංගදේව, ප්‍රකට වේශ නිරූපන ශිල්පී නාරද ධනංජය තොටගමුව, ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුරංග ලක්මාල් සෙනවිරත්න, සම්මානනීය සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ, ප්‍රවීණ ගායනවේදී ප්‍රේමවර්ධන කපුගේ, යොවුන් නාට්‍යවේදී ඉෂාර වික්‍රමසිංහ, සම්මානනීය නාට්‍යවේදී මහින්ද ප්රසාද්මසිඹුල, නිර්මාණවේදී ජනක රණසිංහ, නිර්මාණවේදී නිරන්ජන් චන්ද්රතිස්ස, ගායන ශිල්පී අජිත් පාලිත, නාට්‍යවේදී ජනක සම්පත් ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය.
මෙම ජන හමු ඉදිරි දිනවල පහත පරිදි සංවිධානය කර ඇත.
ඔක්තෝබර් 25 – පස්වරු 03.30 – කැකිරාව
ඔක්තෝබර් 29 – පස්වරු 03.30 – නිකවැරටිය
නොවැම්බර් 01 – පස්වරු 03.30 – දිගන
නොවැම්බර් 03 – පස්වරු 03.30 – කඩවත
නොවැම්බර් 06 – පස්වරු 03.30 – හිඟුරක්ගොඩ
නොවැම්බර් 08 – පස්වරු 03.30 – ගාල්ල, පියදිගම
නොවැම්බර් 10 – පස්වරු 03.30 – බණ්ඩාරවෙල
නොවැම්බර් 11 – පස්වරු 03.3- බලන්ගොඩ
නොවැම්බර් 12 – පස්වරු – 03.30 – වලස්මුල්ල
නොවැම්බර් 13 – පස්වරු 03.30 – මහරගම