පුළුවන් නම් තැපැල් ඡන්දයට කලින් ‘හංස ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ එළියට දාන්න – ලක්ෂ්මන් යාපා

‘තවමත් එජාපය සහ ඒ පෙරමුණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කරලවත් නැහැ. අපි කියනවා පුළුවන්නම් මේ තැපැල් ඡන්දෙට කලින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දක්වන්න කියලා’

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ අද (25) පැවැති මාධ්‍ය හමුවේදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළා. මෙහිදී වත්මන් දේශපාලන ප‍්‍රවණතා ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා,

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

අපි මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කළේ ජනතාවගේ අදහස් අරගෙන. ගම් 25,000ක ජනතාවගේ සහභාගිත්වයෙන් ගම සමඟ පිළිසඳර සාකච්ඡුාවෙන් අනතුරුවයි.

විද්වත් උදවිය, වෘත්තීය සමිති, රටේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන සෑම අංශයකම සංවිධාන සහ බුද්ධිමතුන් සමග සාකච්ඡුා කරලා තමයි මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කළේ.

මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝ කාලීන කියලා වැඩසටහන් තුනක් ඇතුළත් වෙනවා. මෙහි අපි විසිවැදෑරුම් වැඩසටහනක් දක්වා තිබෙනවා. ඒ අනුව කරුණු විස්සක් යටතේ යටතේ මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරි අවුරුදු පහ තුළ ක‍්‍රීයාත්මක වන වැඩසටහන සඳහා ප‍්‍රතිපත්ති එළි දැක්වීම අපි මෙහිදී සිදු කරලා තියෙනවා.

අපේ ජනාධිපති අපේක්ෂකයා පසුගිය කාල පරිච්ෙඡ්දය තුළ සැප්තැම්බර් මාසය පළවෙනිදා ඉඳලා ලංකාවේ විවිධ ක්ෂේත‍්‍ර වල විවිධ ජනතාව සාකච්ඡුා කළා. උදාහරණයක් විදියට ධීවර ජනතාවට නම් ඒ අයගේ ප‍්‍රශ්න ගැටළු මෙහිදී සාකච්ඡ කළා. මේ කමිටුවලට පෙර පාසල් ගුරුවරු පවා සහභාගි වුණා. රණවිරුවොත් මීට සහභාගි වුණා. ඒ අනුව ක්ෂේත‍්‍රයන් ගණනාවකට අයත් වන 5000ක් පමණ එක එකට එකතු වෙලා මාසයක් පුරා මේ ප‍්‍රතිපත්තීන් පිළිබඳ ඔවුන්ගේ දළ වැඩසටහනක් ඉදිරිපත් කළා. මේ වැඩපිළිවෙළ පිළිබදව අවුරුදු එක හමාරක් පුරා අපි ජනතාව සමග සංවාදයකට ලක් කරලා තියෙනවා.

මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ ඇතුළත් වෙලා තියෙන කරුණු අපේ ආණ්ඩුවක් යටතේ ලියවිල්ලකට සීමා නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැහැදිලිව කිව්වා. ලියවිල්ලකට සීමා නොවිය යුතු කරන්න පුළුවන් දේ පිළිබදව කිව්වා. ඒ වගේම ඉතාමත් වැදගත් දේ තමයි මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ එකම රටක එකම නීතියක් ක‍්‍රියාත්මක කරනවා කියන එක සදහන් වෙනවා.

සජිත් පේ‍්‍රමදාස සඳහන් කරන්නේ එක එක දේවල් ලබාදෙනවා කියලයි. රැුකියා දෙනවා කියනවා. හැබැයි සජිත් පේ‍්‍රමදාසට රැුකියා උත්පාදනය කරන වැඩපිළිවෙළක් නැහැ. අපේ ප‍්‍රතිපත්තීන්වල හොඳ ක‍්‍රමවේදයක්, විශේෂයෙන්ම ලෝකයේ රටවල්වලට සරිලන රැුකියා නිෂ්පාදනයක් රටේ ඇති කරන ක‍්‍රමය පිළිබඳ උදාහරණ කිහිපයක් තියෙනවා.

විශේෂයෙන්ම හෙට ක්ෂේත‍්‍ර යේ පුහුණුව ක‍්‍රමවත් කරලා එය වෙන රටවල් වල ඉල්ලූම තියෙන සේවයක් බවට පත් කරන්න පුළුවන් තාක්ෂණය වැඩිදියුණු කරලා ඒක ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් අපි හදන්න ඕන. මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඉතාමත්ම වැදගත් වෙන්නේ වැට් බද්ද සියයට අටක් දක්වා අඩු කරන එකයි.

බදු අඩු කිරීම ගැන අපේ විරුද්ධ පක්ෂයෙන් අපෙන් අහන ප‍්‍රශ්නයක් තමයි කොහොමද ආණ්ඩුවේ ආදායම ලබාගන්නේ කියලා. ආණ්ඩුවේ ආදායම ගන්න ක‍්‍රමය තමයි වැට් බද්ද 15% බර පටවන කොට ඒ 15% ක බද්ද මිනිස්සු ගෙවන්නෙ නැහැ. ඔබ සියලූ දෙනාම දන්නවා ඕපන් බිල් කියලා දීලා පාරිභෝගිකයාට කියනව මේකට වැට් දාන්නෙ නෑ කමක් නෑ නේද කියලා. මේ විදිහට වැට් බද්දෙන් අපේක්ෂිත ඉලක්කය ගන්න කවදාවත් බැරි වුණා.

අපි මේ සියයට අටක් වැට් බද්ද ක‍්‍රියාත්මක කිරීම තුළින් තුළින් වි්‍යාපාරිකයන්ට මේ බද්ද ගෙවන්න පහසු වෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ අද කිව්වා සරල බදු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා කියලා. ඒ සරල බදු ක‍්‍රමය තුළ බදු ආදායම වැඩි කර ගැනීමේ තාක්ෂණික ක‍්‍රමයක් අපි ක‍්‍රීයාත්මක කරනවා.

ඒ වගේම හැම කෙනෙක්ම තමන්ට බරක් නොවන බද්දක් ගෙවන්න කැමතියි. තමන් ආදායම් උපයන කොට බර නැති බද්දක් ගෙවන්න පුළුවන් තාක්ෂණ ක‍්‍රමවේදයක් අපිත් මේ රටේ ඇති කළ යුතුයි. ඒ වගේම රජයේ සේවකයන්ට උපයන විට ගෙවීම ඉවත් කරලා තියෙනවා.

මම අභියෝගයක් කරනවා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සජිත් පේ‍්‍රමදාසට පුළුවන්නම් තිස් වෙනිදාට කලින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දක්වන්න කියලා. මොකද රජයේ සේවකයා ඡුන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේගොල්ලෝ හිතාගෙන ඉන්නවා රජයේ සේවකයාට කීයක් හරි පඩි වැඩි කරනව කිව්වම ඒ ඡුන්දය ගන්න පුළුවන් කියල. අද ඉන්න රජයේ සේවකයෝ බුද්ධිමත් ජනතාවක්. ඒගොල්ලෝ මේ රට කොහෙටද යන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඔවුන්ගේ දරුවාට අනාගතයක් තියෙනවද, මේ රටේ අනාගතය මොකද්ද කියලා හිතන රජයේ සේවකයා පක්ෂවල ප‍්‍රතිපත්ති මොනවාද කියලා බලාගෙන ඉන්නවා.

තවමත් එජාපය සහ ඒ පෙරමුණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කරලවත් නැහැ. අපි කියනවා පුළුවන්නම් මේ තැපැල් ඡුන්දෙට කලින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දක්වන්න කියලා. රජයේ සේවකයන් සහ රටේ ජනතාව බලාගෙන ඉන්නවා අපි ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට වඩා හොඳ සැලැස්මක් එජාප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ තියනවද කියලා. ඔවුන් ඒ පිළිබඳ සංසන්දනය කරලා තමයි ඡුන්දය පිළිබඳව තීරණය කරන්නේ.

රජයේ සේවකයන්ගේ ඡුන්දය මංකොල්ල කන්න මේ අය හිතාගෙන ඉන්නවා නම් ඒක වැරදි දෙයක්. ඒ පිළිබඳව ඉදිරි දින කිහිපය ඇතුළත රජයේ සේවකයෝ තීන්දුවක් ගනී. ඔවුන් දැනටමත් තීරණය කරලා කරල තියෙනව මේ රටට දර්ශනයක් දැක්මක් තියෙන නායකයෙක් අවශ්‍යයි කියලා. ඊයේ හිරු බලය වැඩසටහනේදි දයා ගමගේ ඉතාමත් පැහැදිලිවම පිළිගත්තා මේ රටේ ඊළඟට හීනෙකින් හරි සජිත් පේ‍්‍රමදාස ජනාධිපති වුණොත් අගමැති රනිල් වික‍්‍රමසිංහ කියලා.

වසන්ත සේනානායක ඉදිරිපත් කරපු කරුණු නමයට අද තව වෙනතුරු උත්තරයක් දුන්නේ නැහැ. ඒ කරුණු නවයෙ පැහැදිලි වෙනවා ¥ෂිතයන්ට තනතුරු දෙනවද නැද්ද යන්න සම්බන්ධයෙන්. පරණ විදිහටම මේ ක‍්‍රියාමාර්ගය ගෙනියන්න උත්සාහ කරනවා නම් මේ රටේ ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැහැ.
ධීවර සම්මේලනය සිදු කළ නමුත් ඒක ඉතාමත්ම අසාර්ථක වුණා. ගුරු සම්මේලනය අසාර්ථක වුණා. එජාපයේ මාලඹේ රැුස්වීම, කිරිබත්ගොඩ රැුස්වීම අසාර්ථකත්වය හොඳින් පැහැදිලි වෙනවා. දැන් ජනතාව තීන්දුවක් අරගෙන ඉවරයි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හොඳ දර්ශනයක් පැහැදිලි අත්දැකීමක් තියෙනවා. මේ අය මේ වගකීම බාරගන්න ලෑස්තියි කියන එක මේ රටේ ජනතාවට තීරණය වෙලා ඉවරයි.

යන යන තැන සජිත් පේ‍්‍රමදාස කවට විලාසිතා කතන්දර කියනවා. පහුගිය දවසෙ කිව්වා භාණ්ඩාගාරයේ මුදල් තියෙනවා කියලා. ඊට පස්සේ කිව්වා කෝටි පණහක් ණය අරගෙන කියලා. හමුදාවට ආහාර සපයන එක සමාගමකට රුපියල් බිලියන දෙකක් සල්ලි දෙන්න තියෙනවා. ඒගොල්ලො දැන් ලිඛිතව දැනුම් දීලා තියෙනවා මෙහි සැපයුම කරන්න අමාරුයි කියලා. අද හමුදා මූලස්ථානය හදන්න ගිය බිල් ගෙවන්න තියෙනවා. ඒ වගේ තවත් ආයතන රැුසක බිල් ගෙවල නෑ. හැබැයි ජනාධිපති අපේක්ෂකයා කියනවා ඕන තරම් සල්ලි බාන්ඩාගාරෙ තියෙනවා කියලා.

ඔහු මෙහෙම කියන්නේ ආර්ථිකය පිළිබ`ද භාණ්ඩාගාරය පිළිබඳ අධ්‍යනයක් කරලද. බිලියන දාහතර දහසක විදේශීය ණය තිබෙනවා. ජනාධිපතිවරණයට තියෙන්නේ තවත් දින 21යි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න ජනතාව පෙළ ගැහිලා ඉන්නවා. අපි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නේ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගෙන. මේ රට බාර ගන්නවා.

Recommended For You

About the Author: Editor