ගැස්ට්රයිටිස් නිට්ඨාවට සුවකරන ‘හෙළ ඔසු’

උතුම්ම ලාභය නීරෝගීකම නම් දෛනික කටයුතු කර ගැනීමට නොහැකි වන පරිදි ශාරීරික අපහසුතා ඇති කරන උදරයේ ගෑස් /ගැස්ට්රයිටිස් තත්වය නසාලන දිවඔසු කීපයක් ඔබත් ගෙන සුවතාවය අත්විඳින්න.

Related image

උදෑසන අවදි වූ විගස කෝමාරිකා යුෂ අඬුකෝප්පයක් බාගයකට ගස්ලබු අඬුකෝප්ප බාගයක් එක්කර බ්ලෙන්ඩර් කර පානය කරන්න. සවසටද එම පානය ගන්න.

කෝමාරිකා පානයෙන් පැය බාගයකට පසු හීනටි හාල් යොදා ගිනිතිල්ල හා කරල් හැබ කොළ සම ප්‍රමාණයට දමා කැඳ සදා පානය කරන්න.

ගිනිතිල්ල හා කරල්හැබ උදරයේ ගෑස් තත්වය සම්පූර්ණයෙන්ම නසාලන්නට සමත් දිව්‍යමය ඖෂධයකි. කැඳවලට අමතරව ගිනිතිල්ල දලු සලාදය දිවා ආහාරයට එක්කර ගන්න.

කරල්හැබ දලු ද උයා ආහාරයට ගැනීම මෙම රෝගය නැසීමට ඉතා හිතකරය.

උදෑසන කැඳ පානයෙන් පැයකට පසු උදෑසන ආහාරය ගත යුතුය. දිනපතා එකම වෙලාවකට ආහාර වේල් ගැනීමට පුරුදු වන්න.

උදෑසන දහයට පමණ බෙලි කටු හා බෙලි මල් තැම්බූ වතුර පානය කරන්න.

මේ ආකාරයට ඔබ ඖෂධ පානය කරන අතරතුර දිවුල් , අන්නාසි , පිටි සහිත ආහාර නිතර නොගත යුතුය.

මෙලෙස දිනපතා ආහාර ගැනීමෙන් ඔබේ උදරයේ ගෑස් තත්වය සම්පූර්ණයෙන්ම නසාලන්නට හැකි වේ.

ඔබ රෝගී තත්වය නොසලකා හැරියහොත් ඔබට නොදැනීම ආමාශයේ තුවාල තත්වයක් දක්වා මෙම රෝගය වර්ධනය වේ. එසේ සිදුවූ විට ඔක්කාරය , බඩ පිපීම , ආහාර අරුචිය හා බඩ පපුව දැවිල්ල , හිසේ කැක්කුම ආදී අපහසුතා වලින් වේදනා විදීමට සිදුවනු ඇත.මේ තත්වය මත සැත්කම් සිදු කිරීම දක්වා රෝගය උග්‍ර වනු ඇත.

එම නිසා පරිසරයෙන්ම සපයා ගත හැකි කෝමාරිකා , කරල්හැබ , ගිනිතිල්ල , බෙලිමල් , බෙලිකටු වැනි ඖෂධ වර්ග දිනපතා පානය කර රොගී තත්වය නැති කර සුවදායී ජීවිතයක් ළගා කරගන්න.

සටහන – මල්මි ඉන්ද්‍රචාපා දේවසිංහ

Recommended For You

About the Author: Editor