
ජාතික ජන බලවේගය රජයේ කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 30කට අඩු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය ධුර 30කට අඩු කරන බවත් රාජ්‍ය හා කැබිනට් නොවන ඇමති ධුර අහෝසි කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවසූවේ අද (26) කොළඹ පදනම් ආයතයේ පැවති “දේශයේ අපේක්ෂාව” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේදී සිය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.
මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතාව හා බැඳෙන නීතිමය ලියවිල්ලක් බවට පත් කරන බවද එහිදී අනුර දිසානායක මහතා අවධාරණය කළේ ය.