
‘එසෙක්ස් ලොරි මරණ’ගැන ජාත්‍යන්තර උනන්දුව තවමත් අවසන් වී නැහැ. ඒ එම ඛේදවාචකය තුළ තවත් ඛේදජනක කතා රැසක් ඇති නිසයි.
ඒ අතර ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් ප්රමුඛ කතාවක් වන්නේ මේ වන තෙක් අතුරුදන්ව සිටින ‘ෆාම් ති ට්රා මි’ Pham Thi Tra My නම් විසිහය හැවිරිදි වියට්නාම් ජාතික සුරූපී තරුණියට සිදුවුණේ කුමක්ද ? යන්නයි. ඇය ගැන විස්තර තවමත් තහවුරු කෙරී නැති බවයි බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන්නේ.

අවසන් පණිවුඩය

‘අම්මේ…තාත්තේ… මට හරිම කණගාටුයි. පිටරටකට යන මගේ ගමන අසාර්ථකයි. මම මැරෙන්නයි යන්නේ. මට හුස්ම ගන්න අමාරුයි… අම්මේ… තාත්තේ…මම ඔබලාට ආදරෙයි… අම්මේ…මට සමාවෙන්න’ මේ ඇය අවසන් මොහොතේ තම සොහොයුරාට යොමු කළ කෙටි පණිවුඩයයි. ඇය එය ලියා තිබුණේ ඇගේ මවු භාෂාව වන වියට්නාම් භාෂාවෙන්.
ෆාම් ති ට්රා මි. විසින් පසුගිය අඟහරුවාදා තම සොහොයුරාට යවන ලද ‘ටෙක්ස්ට්’ පණිවුඩ එම පවුලේ සාමාජිකයන් විසින් හුවමාරු කර ගෙන තිබෙනවා.
‘අපි බ්‍රිතාන්‍ය පොලිසියෙන් ඉල්ලා සිටිනවා-මගේ සහෝදරිය ආපසු ගෙදර ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණවලට උදව් වෙන්න කියලා’
‘ෆාම් ති ට්රා මිගේ සහෝදරයා බි්රතාන්ය පොලීසියෙන් ඉල්ලීමක් කරයි.
‘ෆාම් ති ට්රා මි.ගෙන් අවසන් පණිවුඩය ලැබී තිබෙන්නේ බ්‍රිතාන්‍ය වේලාවෙන් සිකුරාදා රාත්‍රී දහයයි තිහට පමණයග ඒ අනුව එම පණිවුඩය යවා තිබෙන්නේ ලොරිය බෙල්ජියමේ සිට එංගලන්තයේ Purfleet පර්යන්තයට ළඟාවීමට පැය දෙකකට කලිනුයි’ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බි්රතාන්ය පොලීසිය පවසනවා.
වියට්නාමයේ පොලීසිය විසින් අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ඩීඑන්ඒ සාම්පල ලබාගෙන ඇති බව රොයිටර් වාර්තා කරනවා.
ලොරි මරණය සම්බන්ධයෙන් තමන්ට ලැබී ඇති හිමිකම් විමර්ශනය කිරීම සඳහා පොලීසිය විශේෂ අපරාධ නඩුවක් විවෘත කර ඇති බවයි බීබීසී ලෝක සේවය වාර්තා කරන්නේ.

බීබීසී ලෝක සේවය