
සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය කියයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මෙම පියවර ගන්නා බවයි එම සංවිධානය කියා සිටියේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්රතිඵල මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙන බවද ඒ අනුව ඒවා මුල්කර ගනිමින් අදාළ අධිකරණ ක්රියාමාර්ග වෙත කඩිනමින් යොමුවන බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් පවසා සිටියා.