පුළුවන් නම් 13ට කලින් ‘අගමැති කවුද’ කියලා කියන්න – රෝහිතගෙන් සජිත්ට අභියෝගයක්

සජිත්ට අගමැතිවරයා කවුද කියලා නම් කරගන්න බෑ – පියල් නිශාන්ත

‘සජිත්ට අපි අභියෝග කරනවා ඔබ අද දිනයේ සිට ලබන 13 වෙනිදා වන විට පුළුවන් නම් කියන්න ඔබේ අගමැති අපේක්ෂකයා කවුද කියලා’

රෝහිත අබේගුණවර්ධන මහතා ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට මේ අභියෝගය කළේ අද (29) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී. මෙම මාධ්‍ය හමුව සඳහා පා.ම පියල් නිශාන්ත මහතා ද එක්ව සිටියා. එහිදී වැඩි දුරටත් වත්මන් දේශපාලන ප‍්‍රවණතා ගැන අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මහතා,

‘සජිත් ගේ කඳවුරේ අය කියන ප‍්‍රකාශ දිහා හොඳින් බලන්න. ඔවුන් සිදු කරන්නේ අනෙක් කඳවුරේ අයට මඩ ගහන එක. මේ සිදුවීම් දෙස බැලූ විට අපිට පෙනෙනවා සජිත්ව පරාජය කරන්න රනිල්ගේ කඳවුර ක‍්‍රියාකරන බව. මේ දින කිහිපය තුළ සජිත්ගේ වේදිකාවේ ඉඳගෙන තමයි සජිත්ව පරාජය කරන්න හදන්නේ.

පාලිත රංගේ බණ්ඩාර කියන විදිහට ජනතාව පමණක් නෙවෙයි වෙලවල් වල ඇලවල් වල ඉන්න ගෙම්බොත් සජිත් සජිත් කියනවා කියලා. ජෝන් අමරතුංග කියන්නේ රනිල්ටත් වැඩිය ජ්‍යෙෂ්ට ඇමතිවරයෙක්. ඔහු කියනවා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ව කොයි අපේක්ෂකයෙක් හරි ගන්නවා නම් ඔහුට ඡුන්දය දෙන්න එපා කියලා සජිත්ගේ වේදිකාවේ ඉඳන්ම ඔවුන් එය කියනවා.
හැමෝම දන්නවා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහය දුන් දේශපාලඥයින් ඉන්නේ සජිත්ගේ වේදිකාවේ කියලා. රනිල්ගේ කඳවුර සජිත්ව පරාජය කරන්න හදන එක කොටසක් පමණයි මේ. ජ්‍යෙෂ්ඨයින්ගේ සිටම සජිත්ව පරාජය කරන්න තමයි රනිල් කටයුතු කරන්නේ.

සජිත්ට අපි අභියෝග කරනවා ඔබ අද දිනයේ සිට ලබන 13 වෙනිදා වන විට පුළුවන් නම් කියන්න ඔබේ අගමැති අපේක්ෂකයා කවුද කියලා. අපි නම් කියනවා අපේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ කියලා. කෙලින්ම ඔබත් ප‍්‍රකාශ කරන්න ඒ සම්බන්ධයෙන්. පුළුවන් කමක් තිබෙනවා නම් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය එළිදක්වලා තිබෙනවා. 30-3 දින වල තැපැල් ඡුන්දය ක‍්‍රියාත්මක වෙනවා. පුළුවන් නම් එදාට කලින් එජාපයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කරන්න කියලා.

සජිත්ට අගමැතිවරයා කවුද කියලා නම් කරගන්න බෑ – පියල් නිශාන්ත

සජිත් පේ‍්‍රමදාස කියන්නේ මොනවද කියලා ජනතාව හොඳින් තේරුම් ගත්තොත් හොදයි. සජිත් කටට එන බේගල් කියන අපේක්ෂකයෙක් බවට පත් වෙලා තිබෙනවා. ඔහු කිව්වේ මහා භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවා ඒනිසා තමන් පත් වූ වහාම ජනතාවට සහන දෙනවා කියලා. සිල්ලර පොරොන්දු දීලා භාණ්ඩාගාරය හිස් කළ ආණ්ඩුවට තව දුරටත් ජනතාව අන්දවන්න බැහැ.

මව්බිම පුවත්පතේ තිබෙනවා සජිත් දිනුවොත් උඩරටට අගමැතිකම අවශ්‍යයි කියලා. මෙතැනින් තමයි අර්බුදය ආරම්භ වෙලා තිබෙන්නේ. සජිත්ට අමැතිවරයා කවුද කියලා නම් කරගන්න බැහැ. අපි නම් කිසිම සැකයකින් තොරව නම් කරලා තිබෙනවා අපේ අගමැති අපේක්ෂකයාව. සජිත් තමන්ගේ සිහින කැබිනෙට්ටුව හදලා තිබෙනවා. ගෝල්ෆෙස් එකේදි තමන්ගේ තාත්තාට අපහාස කරපු කෙනාට මේ රටේ සිකුරුටි ජොබ් එක දෙනවා. මාතරට ගියාම කොටම කොට කෙනා බුද්ධීක පතිරණට කම්කරු ජොබ් එක දෙනවා.

එදා මහා පාරේ අපි වාහනවලින් ගමන් කරන විට මුහුද දිහා බලාගෙන තෙල් නැව් එනතුරු ජනතාව බලන් හිටපු විදිහ දැක්කා. දැන් ගෑස් හි`ගයක් ඇවිත් තිබෙන්නේ. අද වනවිට මේ රටේ අම්මලා තමන්ගේ දරුවන්ට එක වේලක් කන්න දෙන්න බැරි නිසා ළිංවලට පනිනවා. ගංගා වලට පැනලා මැරෙන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. සජිත්ගේ ආර්ථීකය සහ ආර්ථීක ඔස්තාර්ලාගේ වැඩ නිසා රට දිනෙන් දින අර්බුදයකට ලක් වෙලා තිබෙනවා.

නොවැම්බර් 16න් පසුවත් සජිත්ගේ කැඩුණූ වාහනය තල්ලූ කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බව මතක් කළ යුතුයි. මේ මැතිවරණයේදි අද වනවිට සජිත් පේ‍්‍රමදාස මහතා ඉතාමත් අසරණ තත්ත්වයේ සිටින්නේ. සජිත් පේ‍්‍රමදාස වැටුප් ගන්නේ නැහැ කිව්වාට පිටු ගණන් පත්තර වල දැන්වීම් දමන්න ඔහුට කොහෙන්ද මෙතරම් මුදල්. අපි දන්නවා මේ රටේ රාජ්‍ය නිලධාරින්ට කොහොමද ස්වාධිනව කටයුතු කරන්න හම්බුණේ කියලා. ආබාධීත රණවිරුවන්ට එළව එළවා පහර දීලා ඔවුන් අසරණ කළා. මේ සජිත්ගේ ආණ්ඩුව. ඒ නිසා රාජ්‍ය සේවකයින් ගැන දැන්වීම් පළ කරලා තමන්ගේ ප‍්‍රතිරූපය නංවාගන්න මුදල් නාස්ති කරන්න එපා. සජිත් තමන්ගේ පරාජය හොඳින් අවබෝධ කරගත යුතුයි.

Recommended For You

About the Author: Editor