
ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව්වල ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් දිවයින පුරා ගෑස් හිඟයක් ඇති වී තිබෙන අතර තව දින කිහිපයකින් එම හිගය අවසන් වන බව ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරනවා.
ගෑස් රැගත් නෞකාවක් අද (29) පැමිණිමට නියමිතව තිබුණද එය පැමිණ නැති බවයි එම සමාගම කියන්නේ.
මේ සම්බන්ධයෙන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය වෙත කරුණු අනාවරණය කරමින් පවසා ඇත්තේ ගෑස් හිගය දිවයින පුරා ඇති බවත් සෞදි අරාබියේ ගෑස් අපනයනය සියයට 40කින් අඩු කිරීම ඊට හේතුව බවයි.