එජාප ‘ලිස්ට් මන්ත‍්‍රි’ ජයම්පතීට වම ගැන තීන්දු ගන්න ඇති අයිතිය කුමක් ද? ප‍්‍රධාන ලේකම්- ලාල් විජේනායක

එක්සත් වාමාංශික ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතාට සහාය දිමට ගත් තීන්දුව වෙනස් කළ බවට ජයම්පති වික‍්‍රමරත්න මාධ්‍යට කරන ප‍්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැති බව එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා ප‍්‍රකාශ කළේය.

ඔක්තෝබර් 30 වෙනි දින බත්තරමුල්ලේ දී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡුාවක දී වැඩිදුරටක් අදහස් දැක්වූ විජේනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ලිස්ට් මන්ත‍්‍රිවරයෙකු වූ ජයම්පතී වික‍්‍රමරත්නට වම ගැන තීන්දු ගන්න ඇති අයිතිය කුමක්ද යන්න ප‍්‍රශ්න කළේය.

මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවක් වෙනස් කරන්නේ නම් එය වෙනස් කළ හැක්කේ පක්ෂයේ ජාතික සම්මේලනයකදී බව පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන්ව ඇති බව ලාල් විජේනායක මහත් වැඩිදුරටත් කියා සිටියේ ය.

සැප්තැම්බර් 26 වෙනි දින අනුර කුමාර දිසානායක මහතාට සහය දීමට ගත් තීරණය සියලූම මාධ්‍යවල පලවූ බවත්, පක්ෂ ව්‍යවස්ථාව ගැන ද හරි හැටි අවබෝධයක් නැති ඔහු රටේ ව්‍යවස්ථාව හැදීමට දායක වන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නකර සිටියේය.

එහි දී දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා සහ දේශපාලන මණ්ඩල සභික පියල් රාජකරුණා මහතා ද අදහස් දැක්විය.

Recommended For You

About the Author: Editor