කැබිනට් තීන්දු මෙන්න…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (29) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුවල සාරාංශයක් පහත පළ වෙනවා.

රසායනික අවි සම්මුතිය සහ රසායනික ආරක්ෂාව ,සුරක්ෂිත කළමනාරණය ,පිළීබඳව වූ රසායනික අවි තහනම් කිරීමේ ජාත්‍යන්තර සංවිධානයේ ආසියානු සාමාඩික රාජ්‍යයන්හි කලාපීය සමුළුව දෙසැම්බර් 03,04,05 දිනයන්හිදී කොළඹදී පැවැත්වීමට ආරක්ෂක ඇමැතිතුමන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිණි. 

තිරසර පරිභෝජනයේ සහ නිෂ්පාදනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා  ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඇමැති මණ්ඩලය විසින් අනුමැතිය හිමිවී ඇත. 

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම මගින් ලබා දෙන පහසුකම් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. . මෙම වැඩසටහන තුළ අන්තර්ගත සමස්ත මූල්‍ය හා මූල්‍ය නොවන යෝජනා ක්‍රම 22 අතුරින් ‘මගේ අනාගතය’ ණය යෝජනා ක්‍රමය අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ගෙන් ඔබ්බට පුළුල් කරමින්, ‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ කාලය 2019-07-02 දින සිට 2020-12-31 දින දක්වා දීර්ඝ කරමින් සහ ‘රන් අස්වැන්න’, ‘ගොවි නවෝදා’, ‘ජය ඉසුර’, ‘දිරි සවිය’, ‘හරිත ණය’ හා ‘විශේෂ කාරක ප්‍රාග්ධන’ යන ණය යෝජනා ක්‍රම යටතේ ලබා දෙන ඇප සුරැකුම් යෝජනා ක්‍රමයට ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද ඇතුළත් කරමින් එම ණය යෝජනා ක්‍රමය සංශෝධනය කොට එම ණය ලබා දීම මගින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත්, ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදු වන තාක්ෂණික හා ප්‍රායෝගික ගැටලු අවම කිරීම සඳහාත් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 

පාරිභෝගිකයාට දේශීය ජල උපාංග නිෂ්පාදකයන්ට මෙන්ම පාරිසරික වශයෙන් ද ප්‍රතිලාභ ලැබෙන පරිදි, ප්‍රධාන රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කොට, මහජනතාවගේ හා පර්ශවකරුවන්ගේ ද අදහස් මත පදනම්ව, සනීපාරක්ෂක කොමෝඩ, ජල කුටීර සහ ලෝහමය සහ පීවීසී වර්ගයේ ජලය ලබා ගැනීමේ කරාම හා නැවතුම් වෑල්ව යන ජල උපාංග කාණ්ඩ සඳහා හඳුනාගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. 

එක්සත් රාජධානි රජය මගින් ආධාර සපයන වැඩසටහනක්වන ෆ්ලෙමින් අරමුදල මගින් ප්‍රදානයක් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ එක්සත් රාජධානියේ මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සෙූඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනිවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවිය. 

ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රයේ සංවර්ධණය සඳහා මෙහෙයුම් කමිටුවක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් හා අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සාමාජිකත්වයෙන් යුතුව පිහිටුවීමට වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිණි. 

මහ කන්නයේ වගා ප්‍රමාණ්‍ය ඉහළ යාමට හැකි බැවින්, යූරියා පොහොර හිඟයක් ඇතිවීම වැළැක්වීමට,වී හැර අනෙකුත් බෝග වගාවන් සඳහා පොහොර සහනාධාර වැඩසටහන යටතේ යූරියා මෙට්‍රික් ටොන් 15,000ක් (අමතර පෙහොර ප්‍රමාණයන් )ආනයනය කිරීමට කෘෂීකර්ම ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 

සියලු පාර්ශව කරුවන් සමග සාකච්ඡා කර ,ළමයින්ට සුරක්ෂිත හා හිංසනයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීමේ ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කාන්තා හා ළමා කටයුතු සහ වියළි කළාප සංවර්ධණ ඇමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.  

කාලාවරෝධ ආඥාපනත සඳහා සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්,ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්අධීකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවිණ. 

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ ,රෝග පාලන මධ්‍යස්ථානයේ සහය ඇතිව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රදානය කරන ඇමරිකානු ඩොලර් 217,000ක පිරිවැයකින් ,වැඩිහිටියන්ගේ දුම්කොළ භාවිතය පිළිබඳව ගෝලීය සමීක්ෂණය 2019/2020 සඳහා පැවැත්වීමටත්ඒ සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අවසර ලබා ගැනීමටත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන ඇමැතිවරයාගේ ඉල්ලීම මත ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.   

සිලෝන් ටී‘ සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ රුසියාව සහ යුක්‍රේනය යන රටවල වසරක කාලසීමාවක් සඳහා මහජන සබඳතා පිළිබඳ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි SPN Communications ආයතනය තෝරා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 

රජය විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අපරාධයකින් ලත් දේපළ පිළිබඳ යෝජිත පනත සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායක කාර්ය රාමුවක් සංවර්ධනය කර ඇති අතර එම කාර්ය රාමුව මගින් සපයා ඇති යෝජිත ප්‍රකාශනය අනුව අපරාධයකින් ලත් දේපළ පිළිබඳ යෝජිත පනතේ ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායක කාර්ය රාමුවෙහි අඩංගු සංකල්ප සහ අන්තරුගත කරුණු බලාත්තමක කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමටනීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමටඅධීකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 

වතු කම්කරුවන්ගේ සමාජ සුබසාධනය හා ජීවන තත්ත්වය නගා සිටුවීම මගින් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු කර කර ,ප්‍රාදේශිය වැවිලි සමාගම් සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය හරහා ඵලදායීතා දිරි දීමනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ඇමැතිවරයා සහ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.   

සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා විවෘත වෙළඳපොළ තුළ ප්‍රමාණවත් තරම් සහල් ප්‍රමාණයන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, වී අලෙවි මණ්ඩලයේ පවතින වී, අවම වශයෙන් මෙට්‍රික්ටොන් 20,000ක් (නාඩු මෙට්‍රික්ටොන් 10,000ක් සහ සම්බා මෙට්‍රික්ටොන් 10,000ක්) සීමාසහිත ලංකා සතොස ආයතනයේ ලියාපදිංචි මෝල් හිමියන් හෝ MARKFED ආයතනය හෝ මඟින් සහල් බවට පත් කොට සීමාසහිත ලංකා සතොස ආයතනය මඟින් වෙළඳපොළට නිකුත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Recommended For You

About the Author: Editor