
ජර්මානු රසායනික හා ඖෂධ දැවැන්තයෙකු වන ‘බේයර්’ Bayer සමාගම අද (30) නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ ලෝ ප්‍රකට වල් නාශකයක් වන ‘රවුන්ඞ්අප්’ Roundup ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදයේ තුළ ඉදිරිපත් වී ඇති නඩු ගණන පසුගිය මාස තුන තුළ දෙගුණයකට වඩා වැඩි වී 42,700ක් ලෙස වාර්තා වන බවයි.
පසුගිය ජූලි මාසයේ වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 18,400කි.
මතභේදාත්මක ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක් වන ග්ලයිෆොසේට් Glyphosate සම්බන්ධයෙන් නව පැමිණිලිකරුවන් සොයන නීතිඥයින් විසින් රූපවාහිනී වෙළඳ දැන්වීම් සඳහා දැවැන්ත වියදම් දැරීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායම දොස් පවරා තිබේ.
ජර්මනියේ ආයතනික ඉතිහාසයේ විශාලතම විදේශ අත්පත් කර ගැනීම්වලින් එකක් වන ඇමෙරිකානු මොන්සැන්ටෝ Monsanto සමාගම අත්පත් කර ගැනීම සදහා ‘බේයර්’ සමාගම විසින් ඩොලර් බිලියන 63ක් ආයෝජනය කරන ලදි. එහෙත් රවුන්ඞ්අප් වලට එරෙහිව දිනපතා ඉහළ යන නඩු ප්‍රමාණය අදාළ අත්පත් කර ගැනීම අර්බුදයකට ඇද දැමීමට හේතු වී තිබේ.
පසුගිය අගෝස්තු මාසයේදී බේයර් සහ එක්සත් ජනපද පැමිණිලිකරුවන් අතර සමථකරණයක් සඳහා උසාවියෙන් පත් කරන ලද මැදිහත්කරුවෙකු විසින් ඩොලර් බිලියන 8ක විසඳුමක් ලබා දුන් බවට පළ වූ වාර්තා බේයර් සමාගම ප්‍රතික්ෂේප කළේය.
පහළ උසාවි කිහිපයක ජූරි සභිකයින් විසින් රවුන්ඞ්අප් නඩු සම්බන්ධයෙන් පැමිණිලිකරුවන්ට විශාල වන්දියක් ප්රදානය කරන ලද නමුත් පසුව ඒවා විනිසුරුවන් විසින් අඩු කරන ලද අතර අභියාචනයක් ඉදිරිපත් කිරීමට බේයර් පොරොන්දු වූ අතර ඊට හේතු වශයෙන් දක්වා සිටියේ ග්ලයිෆොසේට් පිළිකාවලට හේතු වන බව විද්‍යාත්මකව තහවුරු කර නැති බවයි.
මේ තත්ත්වය තුළ මොන්සැන්ටෝ සමාගමේ තෙවන කාර්තුවේ ශුද්ධ ලාභය වසරින් වසර සියයට 63.9 කින් පහත වැටී යුරෝ බිලියන 1.04 ක් (ඩොලර් බිලියන 1.15ක්) දක්වා පහත වැටී ඇතැයි එම සමාගම අද වාර්තා කළේය.
පසුගිය වසරේ තුන්වන කාර්තුව හා සසඳන විට සමූහය මෙම කඩාවැටීමට දොස් පැවරා ඇත.
AFP