SLPP නායකයින්ගේ මාධ්‍ය හමුව: ගෝඨා – සහරාන් සම්බන්ධ කරමින් ‘සැලසුම් සහගත මඩ’ ප‍්‍රචාරයක් සූදානම්

ගෝඨාභය ‘සංවර්ධනය’ ගේන්න හදන කොට සජිත් ‘සහන’ දෙන්න යනවා – සුසිල් පේ‍්‍රමජයන්ත

රටට ඕන ශක්තිමත් නායකයෙක් මිසක් ?ට ?ට ගෙවල් ගානේ ඇවිදින මාමා කෙනෙක් නොවෙයි – පවිත‍්‍රා වන්නිආරච්චි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුව අද (30) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් පේ‍්‍රමජයන්ත් සහ පවිත‍්‍රා වන්නිආරච්චි යන පක්ෂ නායකයින් සහභාගී වුණා. මේ ඔවුන් එහිදී දැක්වූ ‘පක්ෂපාතී ලෙස සංස්කරණය නොකළ’ අදහස්.

ගෝඨා – සහරාන් සම්බන්ධ කරමින් ‘සැලසුම් සහගත මඩ’ ප‍්‍රචාරයක් සූදානම් – කෙහෙළිය රඹුක්වැල්ල

ඉතාමත් සැලසුම් සහගතව මීළඟ දින කිහිපය තුළ දැවැන්ත ලෙස මඩ ප‍්‍රචාරක කටයුත්තක් ක‍්‍රියාත්මක වෙනවා. කාවින්ද ජයවර්ධන සහ ජෝන් අමරතුංග මහතාගේ ලේකම්වරයෙකුත් මඩ පොස්ටර් ගෙනවිත් තිබෙනවා. වොක්ෂෝල් ස්ට‍්‍රීට් එකට.

මීළඟ දිනවල සහරාන්ලා සමඟ ගත් ඡයාරූප බව පවසමින් විවිධ මඩ ගසන්නට බලාපොරොත්තු වෙනවා. ඔවුන් මේ වන විට 31%ක ඡුන්ද ප‍්‍රතිශතයක ඉන්න නිසයි මේ දේවල් කරන්නේ. ලේක් හවුස් ආයතනයේත් මේ වගේ මඩ පෝස්ටර් තිබුණා. මේ සම්බන්ධයෙන් පොලිසිය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වහාම කටයුතු කළ යුතුයි.

ඒ වගේම පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිලිබ`ද තිබෙන විස්තර මේ අය වෙනස් කරන්න කටයුතු කරනවා. අපි දුටුවා මංගල සමරවීර මහතා හිරු මාධ්‍යට ඇගිල්ල දිගු කරනවා. හිරු වර්ජනය කරන්න කියලා ඔහු කියනවා. එහෙම නම් ස්වාධින රූපවාහිනිය සහ ?පවාහිනිය කොහොමත් වර්ජනය කරන්න දෙයක් නැහැ. මිනිස්සු ඒ නාලිකා බලන්නේ නැහැ. බොරු ප‍්‍රචාර ප‍්‍රවෘත්තිවල 75%ක් පමණ දාන්නේ ඔවුන්.

ජාතික ආර්ථික කවුන්සිලය විසින් මිලේනියම් චැලේන්ජ් කියන මුදල සම්බන්ධයෙන් තිබෙන කොන්දේසි පිළිබදව සාකච්ඡුා කරනවා. ඔවුන් ජාතික ආර්ථික කවුන්සිලය අත් හිටෙව්වා. මේ ආණ්ඩුව ජාත්‍යන්තරයට කියන්නේ අපි පඹයන් හැටියට කියන ඕන දේකට සහය දෙන්නම් ඒ නිසා අපිට ආධාර කරන්න කියලයි.

එදා රණවිරුවන්ට විරුද්ධව යෝජනා ගෙනල්ලා අද රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළනවා. මේ අත්සන් කරන ගිවිසුම් ගැන අපි අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡුා කරන්න කටයුතු කරනවා. මේ වන විට දැවැන්ත වැඩපිළිවෙළක් ගෙන යනවා. මඩ පොස්ටර් ගහන්න හදනවා. ඒ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරිදා වැඩපිළිවෙලට සම්බන්ධයි කියලා තමයි මේ මඩ ව්‍යාපාරය ගෙනියන්න හදන්නේ. මේවා දේශපාලන පළිගැනීමක් ඉෂ්ඨ කරගැනීමක්. ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දුව කැලිෆෝනියාවල දාපු නඩුව සම්බන්ධයන් සිදු කළ විග‍්‍රහය අපි දුටුවා. දේශපාලන භුමියේ එජාපයට ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කළ නොහැකි නිසා දැන් මඩ ව්‍යාපාරයක් දියත් කරනවා. නොවැම්බර් 16 වෙනිදා වන තුරු ඔවුන් මේ මඩ ව්‍යාපාරය ගෙනියනවා.

මම දුටුවා සජිත් පේ‍්‍රමදාස මහතා කියනවා මේ අවාසනාවන්ත රාජ්‍ය පාලනය නිසා බදු බරින් මිරිකී සිටන ජනතාව ඉන් නිදහස් කරනවා කියලා. කැබිනට් එකේ ඔහු හිටියේ නැහැ වගේ තමයි කථාව. මම දුටුවා බන්දු සමරසිංහ මහතා කියනවා මම හරිම අහංසක මනුස්සයෙක් මටයි ටෙනීටයි තියෙන තැන නැති කරන්න එපා කියලා. අපිත් කියන්නේ සජිත්ට ඔබේ තියෙන හැකියාව අභ්‍යන්තරයේ තියාගන්න කියලා පමණයි.

ගෝඨාභය ‘සංවර්ධනය’ ගේන්න හදන කොට සජිත් ‘සහන’ දෙන්න යනවා – සුසිල් පේ‍්‍රමජයන්ත

මැතිවරණ දිනයට තියෙන්නේ දින 16යි. විග්නේෂ්වරන් ඇතුළු දේශපාන පක්ෂ කිහිපයක් කියලා තියෙනවා සිංහල අපේක්ෂකයින්ට සහය දෙන්නේ නැහැ කියලා.
මැතිවරණ ව්‍යාපාරය කොයිතරම් දුර්වලද කියලා පේනවා රාජ්‍ය සේවකයා අමතන්නවත් ඔහුට හැකියාවක් නැහැ. ආණ්ඩුව අද ගොළු බිහිරන් සේ තමයි රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් විෂමතා වෙනුවෙන් කටයුතු කරලා තිබෙන්නේ.

නොවැම්බර් මාසයේ අපේ ආණ්ඩුවක් යටතේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා වෙනුවෙන් කටයුතු කරනවා. මේ ආණ්ඩුවේ ජනතා විරෝධි ක‍්‍රියාවලිය සඳහා හූමිටි තියලා දැන් කියනවා වෙනම පාලනයක් ගෙනියනවා කියලා. නොවැම්බර් මාසයේ අපේ ආණ්ඩුවක් යටතේ ගුරු විදුහල්පති වැටුප් විශමතා වෙනුවෙන් කටයුතු කරනවා. මේ ආණ්ඩුවේ ජනතා විරෝධි ක‍්‍රියාවලිය සඳහා හූමිටි තියලා දැන් කියනවා වෙනම පාලනයක් ගෙනියනවා කියලා.

දුප්පත්කම නැති කරනවා කියලා කියනවා. නමුත් තවමත් සජිත් පේ‍්‍රමදාස මහතා තිරසර සංවර්ධනය ගැන කිසිම කතාවක් කරලා නැහැ. කාන්තාවන් වැඩි ප‍්‍රතිශතයක් සිටින රටක් අපේ රට ඒ වගේ විනයක් තිබෙන කාන්තාවන් සිටින රටක ඔවුන්ට නොගැලපෙන සහන ලබාදීම මම හිත්නනේ නැහැ සුදුසුයි කියලා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙලක්. නමුත් සජිත් කියන්නේ දෙන සහන පිළිබදව පමණයි. මෙපමණ සහන දෙන්න කොහෙන්ද ප‍්‍රතිපාදන තියෙන්නේ රට සංවර්ධනය කරන්නේ නැතුව.

අදායම් උපයාගැනීම තුළින් පමණයි හැමෝගේම ආර්ථිකය සම තත්ත්වයකට ගෙන ආ හැකි වන්නේ. නමුත් සජිත්ගේ ප‍්‍රතිපත්ති තුළ අපි එවැනි දෙයක් දුටුවේ නැහැ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන කිසිවෙකුට ඇඟිල්ල දිගු කරලා වැඩක් නැහැ. මොකද අපි දුටුවා අදාළ කමිටු වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පළ කළ මතය. මේකට වැරදිකරු කරලා තියෙන්නේ ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා. ඉතාමත් පැහැදිලිව කියනවා මේ රට ගැන වගකීමක් ගන්න පුළුවන් අපේක්ෂකයා අපි ඉදිරිපත් කරලා තිබෙනවා.

දයාන් ජයතිලක කියලා මහත්තයෙක් ගැන කියනවා අපි දුටුවා. ඔහු තමයි රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ උපදේශක. අපි අහනවා තාත්තාගේ කාලයද නැවත ගෙන එන්න හදන්නේ කියලා. තරුණයෝ 60000ක් මැරුණා. මේවා ගැන ජාත්‍යන්තර සඟරා වල පවා පළ වුණා. බැඳුම්කර සිද්ධිය ගැන වාර්තාව ආව විට මේ ආණ්ඩුවේ ඉහළ සිට පහළටම චෝදනා එල්ල වෙනවා.

රටට ඕන ශක්තිමත් නායකයෙක් මිසක් ?ට ?ට ගෙවල් ගානේ ඇවිදින මාමා කෙනෙක් නොවෙයි – පවිත‍්‍රා වන්නිආරච්චි

එජාප වේදිකාවල දිගින් දිගටම කියන්නේ අපේ කැම්පේන් එක ටික ටික ඉස්සෙනවා කියලා. සජිත්ගේ කැම්පේන් එක කවදාවත් නොවැටුණු ආකාරයේ පහළකට වැටිලා තිබෙනවා.

මේ රටට ආයෝජන ගේන්නේ කොහොමද සහන දෙන්නේ කොහොමද කියලා මේ ආණ්ඩුව කියන්නේ නැහැ. මේ රටේ කාන්තාවගේ ආර්ථිකය නගා සිටුවන්නේ කොහොම කියලා මේ ආණ්ඩුවට සැලසුමක් නැහැ. සජිත්ට ඕන කාන්තාවන් සමූපකාරයේ පෝලිමේ ඉදලා සනීපාරක්ෂක තුවා ගන්න තැනට ගේනවා කියලා. ඔහුගේ අභිප‍්‍රාය එයයි.
හංස ආණ්ඩුව ගියපාර බලයට එන විට කිව්ව විවිධ බොරු පොරොන්දු කිසිවක් ඉටු කරගන්න බැරි වුණා. අද මේ ආණ්ඩුව නියෝජනය කරන සජිත්ගේ – රනිල්ගේ ආණ්ඩුව ෆෙල්. මේ රටට ඕන ශක්තිමත් ආණ්ඩුවක් බිහි කරන නායකයෙක් මිසක් ?ට ?ට ගෙවල් ගානේ ඇවිදින මාමා කෙනෙක් නොවෙයි.

Recommended For You

About the Author: Editor